ම මව හා සම්බන්ධ කරමින් තරුණ පෙම්වතෙකු ගැන පළවන සමාජ මාධ්‍ය කතා ව්‍යාකූල බවට ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුවගේ දියණිය කවින්ද්‍යා අධිකාරී සතිඅන්ත පුවත්පතකට ඉඟිකර පවසා තිබේ. ඇය එහිදී ඒවා
සත්‍ය හෝ අසත්‍ය බව සෘජුව පවසන්නේද නැත.
මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඇය තම මව ගැන මෙසේ පවසයි.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඔබේ මව සහ පවුල ගැන විවිධ ආරංචි පැතිරුණා.
කවි ඒ ගැන හිතන්නෙ කොහොමද? මොනවද මේ කියන කතා?

අද සමාජ මාධ්‍යයේ තියෙන නිදහස නිසා ඒ නිදහස ප්‍රයෝජනයට ගෙන ඕනම කෙනෙකුට ඕනම දෙයක් පළ කරන්න පුළුවනි. එකක් මතක තියාගන්න. අපේ පරපුර ගත්තොත් කලා ක්ෂෙත්‍රයෙ ජනප්‍රිය පවුලක්.
අම්මගෙ පැත්තෙන් ගත්තත් තාත්තාගෙ පැත්තෙන් ගත්තත් එහෙමයි. ඒ නිසා රටේ ජනප්‍රිය පවුලක් ගැන මාධ්‍ය කතා කිරීම අරුමයක් නෙවී. මම නම් ඔය කියන දේවල් ගැන එච්චර හිතන්නෙ නැහැ. අපි හරි නම් එච්චරයි. අපි ගැන මොනව පළ කළත් අපි කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙනවනෙ.

ඔබ කියන්නෙ ඒවා කිසිම පදනමක් නැතිව පළවූ ඒවා කියලද?

ඔව් ඉතින් අපේ ජීවිත ගැන දන්නෙ අපිනේ. අපි කරන දේ මාධ්‍ය මගින් රටේ ජනතාව දැනගන්නවා. ඒත් ජීවිතවල ඇතුළාන්තය දන්නෙ අපි විතරනෙ. අපි තත්පරෙන් තත්පරේට වෙන්නෙ මොනවද කියල මාධ්‍ය මගින් කියව ගන්න යන් නෑ. ඒත් සමාජ මාධ්‍යයේ ඔය වගේ දේවල් පළවෙනවා.

කවිගෙ අම්ම ගැන කියන්න?

සමහර අම්මල ළමයි දාලා යනවා.ඒත් අපේ අම්මා එහෙම නෑ.සැබෑ ජීවිතයේදී මං දුටු දේවතාවියක්. මොන ප්‍රශ්නෙ ආවත් අම්මා ලෝකෙත් එක්ක හිනාවෙලා අපිව බලාගත්තා. හැබැයි එයා ගන්න තීරණවලට අපි ඇඟිලි ගහන්න ගියෙ නැහැ.

සාකච්ඡාව - සඳුන් ගමගේ