අනිද්දා (28) වෝටර්ස්එජ් හිදී දිනක්ෂි ප්‍රියසාද් සමග සිය විවාහ උත්සවය පවත්වන්නට නියමිත ටෙලි නළු සාරංග දිසාසේකර තම පෙර විවාහය සිදු කරගත් උමාලි තිලකරත්න ගැන උපේක්ෂා සහගතව කතාකර තිබේ.
මීට වසර 06 කට පෙර 2014 මාර්තු මාසයේදි සාරංග උමාලි විවාහය සිදුවූ අතර එහි විවාහ සාක්ෂි කරුවන් වූයේ වත්මන් ජනපති ගෝඨාභය හා අගමැති මහින්දය. ඉතා උත්කර්ෂවත් ලෙස
කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ මෙම විවාහය පැවැත්වූයේ කලාකරුවන් විශාල පිරිසක් සමගිනි. අනතුරුව මෙම විවාහය හින්දු ක්‍රමයටද වෙනත් දිනයක උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.
මෙම විවාහය පසු කලෙක කඩාකප්පල් වූයේ දෙන්නා අතර වැරදි අවබෝධයක්මුල් කරගත් නිසාය. ඇතැම් වාර්තා මගින් කියැවුනේ උමාලි වෙනත් නළුවෙකු සමග ඇතිකරගත් සම්බන්ධයක් මෙයට හේතුවූ කතාවකි. නමුත් දෙන්නාම ඒ ගැන නිශ්චිතව අදහස් දක්වා නොතිබිණි.
මෙම විවාහය කඩාකප්පල්වී දෙන්නා වෙනම ජීවිත්වූ කාලයේ ටෙලි සම්මාන උළෙලකදී උමාලිට හොඳම නිළිය සම්මානය හිමිවූ අවස්ථාවක නිවේදකයා ලෙස වේදිකාවේ කටයුතු කළ සාරංග ඇගෙන් විමසූ කරුණු වලට ඇය ලබාදුන් උත්තර ආන්දෝලනයට තුඩුදුන් අවස්ථාවක් බවට පත්විය. එහිදී උමාලි ඔහුට තවමත් ළෙංගතු බවට කියන්නට උත්සාහ කළ අතර එය රටටම දුන් පණිවිඩයක් විය.
සාරංග උමාලිගෙන් වෙන්වී දික්කසාදය ලබාගත්තේ පසුවය. අනතුරුව සාරංග ප්‍රියසාද් පවුලේ වැඩිමලාවූ දිනක්ෂි සමග පෙම් සබඳතාවක් ඇරඹූ අතර ඔවුනගේ විවාහය අනිද්දා සිදුවේ.
පසුගිය සතිඅන්ත පුවත්පතකට උමාලි ගැන අදහස් දක්වා ඇති සාරංග මෙසේ කියයි.
---------------------------
ළඟදීම පිළිවෙළක් වෙන්න යනව කියල ආරංචියි?
ම්... ම්... ම්... අළුතෙන් පිළිවෙළක් වෙන්න දෙයක් නෑ. කොහොමටත් පිළිවෙළට තමයි ඉන්නෙ. මෙහෙමයි... ළඟදි කියල කියන්න අමාරුයි මේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක. ලොකුවට වෙඩින් එකක් ගන්න එක කොහොම වුණත් අපි බඳිනව.
දිනක්ෂිට පරණ දේවල් අදාළම නැද්ද?
අදාළයි කියන්නෙ එයා මං ගැන දැනුවත්නෙ. මම කලින් කසාද බැඳල ඩිවෝස් වුණ කෙනෙක් බව එයා දන්නව. එතනින් එහාට දෙයක් නෑ. වටපිට අය වගේම සමාජයේ අය තමයි ඒ දෙවල් අදාළ කරගෙන තියෙන්නෙ. මමනම් කියන්නෙ අපිට ප්‍රශ්නයක් නැති දේවල් එයාල ප්‍රශ්නයක් හැටියට හිතන එක අපරාධයක්. සමහරු එයාලගෙ ප්‍රශ්න අමතක කරන්න අපේ දේවල් ප්‍රශ්නයක් කරගන්නව. කමක් නෑ ඉතින්... ඒකෙන් අපිට පිනක්වත් සිද්ධ වෙයිනෙ.
උමාලි සමග අද ඔබ අමනාපෙන්ද?
අපෝ එහෙම කිසිම තරහක් අපි අතර නෑ. එයාගෙ ෆේස්බුක් ගිණුමෙ මම ඉන්නව. මගේ එකෙත් ඇය ඉන්නව. ඒ වගේම අවශ්‍ය දේට අපි කතා බහ කරනව.
ජීවිතේ ගත්ත තීරණ ගැන පසුතැවීමක් ඇතිවුණ අවස්ථා තියෙනවද?
කිසිම පසුතැවීමක් නෑ. ඒ හැමදේම ජීවිතේ අත්දැකීම් හැටියටයි මම දකින්නෙ. වෙන්න තියෙන දේ සිද්ධ වෙනව. ඒ දේවල් හොඳ විදිහට බාරගන්න එක තමයි අපි කරන්න ඕන. තමන්ට අකටයුත්තක් සිදුවෙන දෙයක් අපේ ජීවිතවල තියෙනවනම් අපි ඒ දේවල් ඈත් කරන්න ඕන කියලයි මම නම් හිතන්නෙ.
කටකතා මඩ ප්‍රචාරවලට බයද?
බයක් නෑ. හිත කැඩෙන වෙලාවල්, කලබල වෙන වෙලාවල්, දුක හිතෙන වෙලාවල් නම් තිබුණ. නමුත් ඒ අවස්ථාවන් වලදි ඒවා සාමාන්‍ය තත්ත්වයෙන් දකින්න දිනක්ෂි මට ලොකු පිටිවහලක් වුණා.
සාකච්ඡාව - මහේෂ් එදිරිසිංහ
Pix By -Indika Mallawarachchi