ලොව සුප්‍රසිද්ධ කාටූන් කතාමාලාවක් වන ස්කූබි-ඩූ නිර්මාණය කිරීමට මූලිකත්වය ගත් එක් චරිතයක් වන සජීවීකරණ නිර්මාණ ශිල්පී ජෝ රූබි පසුගියදා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි වෙස්ට්ලේක් ගම්මානයේදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය පවසයි. මියයන විට ඔහු 87 වන වියේ පසුවිය. මෙය ස්වාභාවික මරණයක් බව පැවසෙයි.
ඔහු අතින් 1969 වසරේදී නිර්මාණය කෙරුණු "ස්කූබි-ඩු, වෙයාර් ආ යූ”නම් කාටූන් කතා මාලාව මෙලෙස ස්කූබි -චරිතය බිහිවීම සඳහා මූලිකවම හේතු විය. සිය උසස් අධ්‍යාපන කටයුතු හමාර කිරීමෙන් අනතුරුව එක්සත් ජනපද නාවික හමුදාවට බැඳී ඇති ජෝ රූබි කොරියානු යුද්ධය අවස්ථාවේදී නාවික හමුදාවට අයත් ප්‍රහාරක නෞකාවක සොනාර් පද්ධති ක්‍රියාකරුවෙකු ලෙස කටයුතු කර ඇත. සජීවීකරණයට සහ කතාංග රචනයට ඔහු පිවිස ඇත්තේ ඉන් පසුවයි.
ස්කූබි-ඩු නම් සුනඛයෙකු සහ ඔහුගේ මිත්‍රයන් පිරිසකගෙන් සමන්විත මෙම ස්කූබි-ඩු කතාමාලාව තුළදී ඔවුන් එකිනෙකට වෙනස් විවිධ අත්භූත සිදුවීම් නිරාකරණය සඳහා මැදිහත් වීම සිදුවෙයි. මෙම කතාමාලාවේ ජනප්‍රියත්වය අනුව මේ වනවිට එය දැවැන්ත පිරිවැයක් යටතේ සිදුකළ සිනමා නිර්මාණ ලෙසින්ද එළිදක්වා තිබේ.