ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු මහලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. සෙල්ලචාමි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 94 කි.
කලක් රෝගාතුරව සිටි සෙල්ලචාමි මහතා අද දහවල් බොරැල්ලේ පිහිටි සිය නිවසේදී මියගිය බව පවුලේ ඥාතීහු සඳහන් කළහ.
සෙල්ලචාමි මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ සිටි ජ්‍යෙෂ්ඨතම නායකයෙකි.