නිව්යෝක් නුවර රෝහලක ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ. ජනපතිවරයාද පසුගිය සිකුරාදා සිය සහෝදරයා බැලීමට රෝහලට ගොස් ඇති අතර, ඒ වනවිටත් ඔහු දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බව පැවසෙයි.
සිය සහෝදරයාගේ අභාවය පිළිබඳව ට්විටර් හරහා පණිවුඩයක් තැබූ ජනපති ට්‍රම්ප්, සිය සුන්දර සහෝදරයාගේ වියෝව සම්බන්ධයෙන් දැඩි ලෙස හද කම්පාවට පත්ව තිබෙන බව පවසා තිබේ. "ඔහු මගේ සහෝදරයා විතරක්ම නෙමෙයි. ඔහු මගේ හොඳම මිතුරායි. ඔහු නැති අඩුව මට හොඳින්ම දැනේවි. නමුත් අපි යළි මුණ ගැසේවී. ඔහුගේ මතකයන් මගේ හදවතේ සදාකාලිකව රැදී තිබේවි. රොබට්, මම ඔබට ආදරෙයි. සමාදානයේ සැතපෙන්න." ජනපතිවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සිය පියා වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගෙන් ලැබුණු වත්කම් වියදම් කරමින් ව්‍යාපාර ලොවට පිවිසි රොබට් ට්‍රම්ප්, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම ව්‍යාපාරිකයෙකු විය. එහෙත් ඔහු සිය සහෝදරයාට වඩා වඩාත් නිවුණු ගති තිබූ අයෙකු බව පැවසෙයි. ට්‍රම්ප් පවා වරෙක පවසා තිබූ ආකාරයට සිය ජීවිතයේ වඩාත් ලෙන්ගතුව ආමන්ත්‍රණය කර ඇති එකම පවුලේ ඥාතියා වන්ද රොබට් ට්‍රම්ප්ය. මෑතකදී ට්‍රම්ප්ගේ
ලේලියක විසින් ට්‍රම්ප්ට එරෙහිව රචනා කළ ග්‍රන්ථය මුද්‍රණයෙන් පිටවීම වැළැක්වීමට නඩුවක් ගොනු කළේද රොබට් විසිනි.