මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරින් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන පාතාල ක්‍රියාකාරිකයකු ඇතුළු පැලියගොඩ ප්‍රදේශයේ ප්‍රබල ගණයේ පාතාල ක්රියාකාරිකයන් සිවු දෙනකු
සම්බන්ධයෙනේ විශේෂ විමර්ශනයක් ආරම්හ කර ඇතැයි පෑලියගොඩ පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.බී. නෙලුම්දෙණිය මහතා වෙත ඊයේ (17) කරුණු වාර්තා කර ඇත. මෙම පාතාල ක්‍රියාකාරිකයින් බන්ධනාගාරය තුළ සිටිමින් මනුෂ්‍ය ඝාතන සිදුකිරීම්, දේපළ කොල්ලකෑම්, කප්පම් ලබාගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට ලද බුද්ධි තොරතුරු මත මෙම විමරශනය ආරම්භ කර ඇතැයි පෑලියගොඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
ඒ අනුව මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරිකයින් වන්නේ, පෑලියගොඩ පදිංචි හේරත් මුදියන්සේලාගේ ප්‍රභාත් මධුසංඛ පනන්වල නොහොත් "බැරල් සංඛ", පෑලියගොඩ පදිංචි පලේවෙල ලසන්ත සංජීව, කැලණියේ පදිංචි සුරේෂ් කුමාර් වැන්ඩැගට් නොහොත් "ඇනා සුරේෂ්" සහ පිටිගල පදිංචි දොඩන්දුව වඩුගේ කැලුම් ඉන්දික සම්පත් නොහොත් "කැවුමා" යන අය සම්බන්ධයෙනි. මෑවැල්ල පාර, පෙතියාගොඩ කැලණිය පදිංචිව සිටි සුරේෂ් කුමාරි වැන්ඩගට් නොහොත් "ඇනා සුරේෂ්" නමැත්තා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරින් සමග මන්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී ඇති සැකකරුවකු වන අතර මේ වන විට මහර මහේස්ත්‍රාත් අධිකරණය මගින් මහර බන්ධනාගාරයේ රඳවා ඇති බවද පොලිසිය සඳහන් කර ඇත. මෙහි, ප්‍රභාත් මධුසංඛ නොහොත් "බැරල් සංබ" නමැත්තා මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් වන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව ඇප මත සිටින සැකකරුවකු වන බව ද පෑලියගොඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ලසන්ත සංජීව නමැති සැකකරු පාතාල ක්‍රියාකාරිකයකු වූ "මයියා" යන අය ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුචට ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය මගින් බන්ධනාගාර ගත කර ඇති අතර ඔහු මේ වන විට කළුතර බන්ධනාගාරයේ රදවා තබා ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. මෙහි දොඩන්දුව වඩුගේ කැලුම් ඉන්දික සම්පත් නොහොත් "කැවුමා" යන අය මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු වශයෙන් සිට මහරගම ප්‍රදේශයේදී රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුතු දියමන්තියක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති සැකකරුවකු බවද සඳහන් වෙයි. ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.
-නිමන්ති රණසිංහ-