ටෙලිනාට්‍ය නිළි විනු සිරිවර්ධන අද (28) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී විවාහ ජීවිතයට පිවිසුනා .
ඇගේ අත ගත්තේ ප්‍රකට ආර්ථික විද්‍යා උපකාරක පංති දේශක කසුන් ලියනගේය.
ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කළමනාකාර උපාධිධරයෙකු වන ඔහු
ගිය වර උසස් පෙළ විභාගයේදීත් දිවයිනෙන්ම ආර්ථික විද්‍යා ප්‍රථමයා ඇතුළු ඉහළ ස්ථාන බිහි කළ ගුරුවරයෙකි.

විවාහයට පෙර තම අනාගත සහකරු සම්බන්ධයෙන් විනූ පැවසුවේ…”එයා මගේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එයා කථිකාචාර්යවරයෙක්. ඔහු ළමයි අතර ගොඩක් ජනප්‍රියයි. මම එයාගේ මුහුණ පෙනෙන ඡායාරූප සමාජමාධ්‍යයේ දාලා නැහැ. විවාහ වෙනවා කියන දේ දන්වන්න මම සමාජ මාධ්‍යයට දැම්මෙත් එයාගේමුහුණ නොපෙනෙන ඡායාරූපයක්. එයාගේ ජනප්‍රියත්වයට එයාව බොහෝ අය ඒ ඡායාරූපයෙන් පවා හඳුනාගෙන තිබුණා” ලෙසිනි.

විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් හා වීඩියෝවක් පහතින්
සම්පූර්ණ ඡායාරූප එකතුව පසුවට