වෙදිනිගම විමලතිස්ස හිමියන් පිළිබඳවත් උන්වහන්සේ කිසිම පාර්ශවයකින් පැහැරගෙන ගොස් හෝ අතුරුදහන් කර නැති බව වේදිනි ගම විමලතිස්ස හිමියන්ගේ පැවිදි ගුරුහිමියන් අද පැවැති මාධ්‍ය හමුවකදී
පැහැදිලි කළා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර
සමාජ සේවා සංගමයේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර බෝධි ළමා නිවාසය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍යපාද හුණුපොල ගම වජිර ශ්‍රී නාහිමියන් වහන්සේ පැහැදිලි කළා විමලතිස්ස හිමියන් පිළිබඳව මාධ්‍ය තුළින් හා සමාජ මාධ්‍ය තුළින් විශාල ප්‍රචාරයක් ගෙන යාමෙන් උන්වහන්සේ අතුරුදහන් වී ඇති බවට කරන ප්‍රකාශ සත්‍ය නොවන අතර උන් වහන්සේ තමන් වහන්සේට ඊයේ දිනයේ හමුවූ බවත් පවතින වර්තමාන තත්ත්වය තුළ උන්වහන්සේ ආරක්ෂාව පිණිස වසන් වී සිටින බවද මෙම තත්ත්වය පහව ගිය පසු සුදුසු අවස්ථාවේදී උන්වහන්සේ පෙනී සිටින බවත් හුණුපොල ගම වජිර ශ්‍රී හිමියන් මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළා අතුරලියේ රතන හිමියන් හෝ ඥානසාර හිමියන් හෝ ෙනත් කිසිම පාර්ශවයකින් වේ දිනිගම විමලතිස්ස හිමියන් සඟවා ගෙන නැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බවත් උන්වහන්සේ පැහැදිලි කළා