COVID-19 හේතුවෙන් ඇමරිකාව තුළ මේ වනවිට බොහෝ මානසික සෞඛ්‍යා ආබාධ හට ගැනීමක් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂිකා කාරිස්සා එට්නේ පවසයි. ඔවුන් ලොක්ඩවුන් සීමා කාලය තුළදී විවිධ ඖෂධ වර්ග සහ මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති බවත් ඇය සඳහන් කරයි.



ලෝකය තවමත් නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වසංගතයට එරෙහි ප්‍රජා ප්‍රතිශක්තකරණයක් ඇති කරගැනීමක් හා සමීපවීමක් හෝ සිදුව නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එහි සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ ප‍්‍රධානී වෛද්‍ය මයිකල් රයන් මේ පිළිබඳ සඳහන් කරයි. පසුගියදා පිනීවා නුවරදී පැවැත්වුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාධ්‍ය හමුවකදී ඔහු මෙම කරුණු දක්වා තිබේ.

විද්‍යාඥයන්ගේ විශ්වාසය අනුව මෙම ප්‍රජා ප්‍රතිශක්තිකරණය ඇති වීම සඳහා ජනතාවගෙන් 70% කට ආසන්න පිරිසකට මෙම වෛරසය වැලඳී ඔවුන් ඉන් සුව අතට පත්විය යුතුව ඇත. යම් පිරිසක් තුළ උපරිම මට්ටමකින් මෙම වෛරසය ආසාදනය වූ විට ඔවුන් තුළ ඒ සඳහා ප්‍රතිශක්තිකරණයක් නිර්මාණය වීමත් සමග එම ජනතාව ඊට ගොදුරුවීමේ හැකියාවක් උදා නොවෙයි.

එහෙත් වඩාත් සර්ව සුබවාදීව මේ ගැන කල්පනා කරන විද්‍යාඥයන් ජනතාවගෙන් 40% ක් තුළ මෙම වෛරසයට එරෙහි ආරක්ෂාවක් ස්ථාපිත වුවහොත් එය සාර්ථක අවස්ථාවක් බව පෙන්වා දෙයි. එහෙත් දැනට සිදුකර ඇති අධ්‍යයනයට අනුව වෛරසය දරුණු ලෙස ආසාදනය වූ ජනතාවගෙන් 10% සිට 20%  අතර පිරිසක් පමණක් ජීවත් වන බව සඳහන් වෙයි.

"ගෝලීය ජනගහනයේ හැටියට, මේ වෛරසය තවදුරටත් සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිකරණ මට්ටම වෙත තවමත් කිසිදු ළගා වීමක්වත් පෙන්නුම් කර නැහැ. එය අපි හැමෝම බලාගෙන සිටින විකල්පය සඳහා විකල්පය නෙමෙයි." වෛද්‍ය රයන් පවසයි.

මේ අතර COVID-19 වසංගතය හේතුවෙන් ඇමෙරිකාව තුළ මේ වනවිට බොහෝ මානසික සෞඛ්‍ය ආබාධ හට ගැනීමක් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂිකා කාරිස්සා එට්නේ පවසයි. පසුගියදා වොෂිංටන් නුවරදී පැවැත්වුණු පෑන් ඇමෙරිකානු සෞඛ්‍ය සංවිධානයේ අන්තර්ජාල හමුවක් අමතමින් ඇය මේ බව පවසා ඇත.

ඒ අනුව මේ වනවිට ඇමෙරිකානුවන් අතර ආතතිය ඉහළ ගොස් ඇති බවත්, එම තත්වය පාලනය සඳහා ඔවුන් ලොක්ඩවුන් සීමා පැවති ගෙවුණු මාස හයක කාලය තුළදී විවිධ ඖෂධ වර්ග සහ මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති බවත් ඇය සඳහන් කරයි. එසේම මෙම තත්ත්වයත් සමග කාන්තාවන්ට එරෙහි ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයද එක්සත් ජනපදය තුළ ඉහළ නැග තිබෙන බවත් ඇය පෙන්වා දෙයි.