ඒ අනුව එම දිනයේදී විවේකීව එය සැමරීම සඳහා රැස්වන සියලු දෙනාම නව කොරෝනා වෛරසය පාලනය සඳහා වන උත්සාහයන් වෙත තවදුරටත් දායකත්වය ලබාදිය යුතු බව ඔහු පෙන්වා දෙයි.
මේ අතර, එක්සත් ජනපදය තුළ COVID-19 වසංගතයට එරෙහි එන්නතක් සොයා ගැනීම ලබන ඔක්තෝබර් මාසයේවත් සිදු නොවනු ඇතැයි එරට සෞඛ්‍ය පිළිබඳ වන ජාතික ආයතනයේ අධ්‍යක්ෂවරයා පවසයි. මීට පෙර අදහස් දක්වා තිබූ එරට රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබඳ මධ්‍යස්ථානය ඔක්තෝබර් මාසයේදී කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් සොයා ගැනීම පිළිබඳව කරුණු සඳහන් කර තිබුණි. එහෙත් එවැනි එන්නතක් හඳුන්වාදීමේ හැකියාව ඉතාමත් සීමිත බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
එරට රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබඳ මධ්‍යස්ථානයේ හිටපු රෝග නිරීක්ෂක, වෛද්‍ය සීමා යැස්මින් මේ කරුණු සඳහන් කර සිටියි. ඇය මෙම තත්ත්වය පිළිබඳව සෑමවිටම නිරීක්ෂණයේ සිටින තැනැත්තියකි. "මගේ අවධානය වෙන්වන්නේ මේ එන්නත් පිළිබඳ අත්හදා බැලීම් කොහොමද සන්නිවේනය වෙන්නේ කියන දේයි."ඇය පවසයි. විශේෂයෙන්ම මේ වනවිට එම එන්නත් පිළිබඳව වැරදි තොරතුරු නොමඟයවන සුළු තොරතුරුද හුවමාරු වෙමින් පවතින බව ඇය සඳහන් කරයි.
වෛද්‍ය ඇන්තනි ෆවුසි පවා ඉක්මනින්ම නව කොරෝනාවට එරෙහි එන්නතක් සොයා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කළත්, එය පුළුල් ලෙස ජනතාව අතර භාවිත කිරීම සඳහා ඒ පිළිබඳ වන ජනතා විශ්වාසය වැදගත් බවත් එවැන්නක් ජනතාව තුළ නොමැති වීම ගැටලුවක් බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.