ලෝක ප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් නම් කළ ලෝකයේ කෝවිඩ්-19 රෝගයෙන් ආරක්ෂිතම රටවල් 100න් 92 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව නම් කර තිබේ. ඔවුන්ගේ නවතම සටහන අනුව කෝවිඩ්-19 රෝගයෙන් ආරක්ෂිතම රටවල පළමු ස්ථානයට ජර්මනිය නම්ව තිබේ.



ඉන් අනතුරුව නවසීලන්තය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය පසුවෙයි. මෙම සටහන අනුව දැනට කෝවිඩ් රෝගීන් විශාල වශයෙන් වාර්තා වන ඉන්දියාව 80 වැනි ස්ථානයටත්, ලෝකයේ වැඩිම මරණ වාර්තා වී ඇති ඇමෙරිකාව 55 වැනි ස්ථානයට පත්ව තිබේ. එසේම තවත් කෝවිඩ්19 ආසාදිතයන් වැඩියෙන්ම වාර්තා වන රටක් වන බ්‍රසීල 66 වැනි ස්ථානය අත්ව තිබේ.

වෛද්‍ය, ආර්ථික, දේශපාලන වැනි කරුණු සලකමින් ඔවුන් මෙම ගණනය කිරීම සිදුකර ඇත. කෝවිඩ්-19වලින් ආරක්ෂිතම රටවල් 10 පහත පරිදි වේ.

01.ජර්මනිය

02.නවසීලන්තය

03.දකුණු කොරියාව

04.ස්විට්සර්ලන්තය

05.ජපානය

06.ඔස්ට්‍රේලියාව

07.චීනය

08.ඔස්ට්‍රියාව

09.එක්සත් අරාබි එමීර් රාජ්‍යය

10.සිංගප්පූරුව