ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. රජය විසින් පිහිටුවා ඇති බහුකාරිය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම් ලාභී සහ නිපුණතාව රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරිම මෙම වැඩසටහනෙහි අරමුණ බව ද එහි සඳහන් කෙරි ඇත.
කිසිඳු අධ්‍යාපනයක් නොලද හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයන් වීම, අයැදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට අවුරුදු 18 ට නොඅඩු හා වයස අවුරුදු 45 නොවැඩි වීම, සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසු එහෙත් තොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයකු වීම හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයකු වීම, වයස් ගත, රෝගාතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයකු වීම මෙන්ම අයදුම් කරන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වීම යන සුදුසුකම් මත රැකියා ලාභීන් තෝරා ගනු ලබන බව ද එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව එක් පවුලකින් ඉහත සුදුසුකම් සපුරා ඇති එක් අයකු ගැන පමණක් සලකා බැලෙන අතර අයැඳුමිකරුවන් පදිංචි ගම් ආශ්රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා හා අයැදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගනිමින් අදාළ වෘත්තිය පුහුණුව තීරණය කෙරෙනු ඇතැයි ද එහි සඳහන් වේ.
තමා පදිංචි ප්‍රදේශ තුළ හෝ ආසන්න ප්‍රදේශවල හෝ ඇති පුහුණු මධ්‍යස්ථානවල දී පුහුණුව ලබා දෙන අතර සාර්ථක පුහුණුවකින් පසුව පදිංචි ප්‍රදේශවල රැකියා නියුක්ත කිරීමට නියමිත බවද අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ. සියලු රැකියාලාභීන් මාස හයක අඛණ්ඩ පුහුණු කාලයකට යටත් කෙරෙන අතර එම කාලය තුළ දී මසකට රුපියල් 22,500 ක දීමනාවක් ගෙවත බව ද එහි සඳහන් කර ඇත. පුහුණුව සාර්ථකව නිමා කිරීමෙන් පසුව තමා පුහුණුව ලැබූ ක්ෂේත්රයට අදාළව, සිය ස්ථිර පදිංචිය ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන (PL-I) වැටුප රුපියල් 35,000 ක දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත්වීමට පුහුණුලාභීන්ට අවස්ථාව ලැබෙන අතර වසර දහයක සතුටු දායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුප් ලැබිමට ඔවුන්ට හිමිකම් ලැබෙන බව දජනධිපති කාර්යාලය නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.
-නාලක සංජීව දහානායක-