![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiyjU29LndP7Qfhk_tGVRYJgnUBYkwNlZ5XUrSIFSmVg3DL05nPdBWY-P4KqJRo51nIACDFUvnHjpA1PEqtD1OBmAV5-sVmj7qLkQCRDT_EhEN18P2jsVTdvdsjXx3oQ80Bk96EtiK80UZT/s1600-rw/chrome_2020-09-15_08-08-08.png)
2019 වසර තුළදී පමණක් එලෙස අත්පත් කරගෙන තිබුණේ වැල්ලම්පිටිය, අංගොඩ හා ගොතටුව පොලිස් වසම්වල පිහිටි පර්චස් 309ක ප්‍රමාණයකින් යුත් ඉඩම් 12ක් බව පොලීසිය කියයි.
මුල්ලේරියාව රණබිම මාවතේ පචස් 120ක ඉඩමක හිමිකරු පලවා හරිමින් එම ඉඩම බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම, මුල්ලේරියාව වැලිවිට ප්‍රදේශයේ කෝටියක් පමණ වටිනා පචස් 109ක ඉඩමක් රුපියල් ලක්ෂ හයක් වැනි අඩු මුදලකට බලහත්කාරයෙන් ලබාගැනීම, වැල්ලම්පිටිය, බ්‍රැන්ඩිය වත්ත ප්‍රදේශයේ කෝටි හතරක් පමණ වටිනා ඉඩමක් රුපියල් ලක්ෂ 85ක් වැනි අඩු මුදලකට බලහත්කාරයෙන් ලබා ගැනීම හා අංගොඩ වත්ත, රාහුල පාරේ පර්චසයක් රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා ඉඩමක් පර්චස් එකක් රුපියල් ලක්ෂය බැගින් බලහත්කාරයෙන් ලබාගැනීම මේ වනවිට අනාවරණ වී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. බලහත්කාරයෙන් ලබාගත් එම ඉඩම ඇතුළු තවත් ඉඩම් තුනක් අංගොඩ ලොක්කාගේ සහෝදරියගේ නමටත්, අනෙකුත් ඉඩම් අත්අඩංගුවට පත් සිම්බු සමන්ත නමැත්තාගේ නමට මෙන්ම ඔහුට උදව් උපකාර කළ ත්‍රිරෝද රථ රියැදුරන් දෙදෙනෙකුගේ සහ තවත් පුද්ගලයෙකුගේ නමටත් බලහත්කාරයෙන් ලියාගෙන තිබූ බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වූ බවද පොලීසිය සඳහන් කරයි.
පාතාල නායක සමයං නමැත්තා කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථය තුළදී ඝාතනය කිරීමෙන් අනතුරුව අංගොඩ ලොක්කා ඉන්දියාවට පලාගොස් සැඟවී මෙම සියලු ක්‍රියාකාරකම් සිදු කර ඇති බවද පොලීසිය කියා සිටියි. මෙම දේපළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර මුදල් විශුද්ධිකරණ පනත යටතේ කටයුතු කරන බවද පොලීසිය සඳහන් කරයි.