අද (17දා) දිනයේදී උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් පනහක් දක්වා විටින් විට ඉහළ යා හැකි බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේය.
අද (17දා) දිනයේදී සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව අනෙකුත් ප්‍රදේශවලට පවතින සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්ද විටින් විට සිදුවිය හැකි බවත්, පොදුවේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්ද සිදුවිය හැකි බවත් ජනක කුමාර මහතා සඳහන් කළේය. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් පනහත් සියයත් අතර තද වැසි පවා ඇතිවිය හැකි බවත්, අද (17දා) පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් පනහත්, හැටත් දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පුත්තලම සිට මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවත්, දිවයින වටා සෙසු මුහුදු ප්රදේශවලද තරමක් රළුවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ගිගුරුම් සහිත වැසි දිනවලදී ඇතිවන අකුණු මගින් සිදුවන අනතුරු හා සුළඟේ වේගය ඉහළ යනවිට සිදුවන අනතුරු වළක්වා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
- ඉන්දික හේවාවිතාරණ -