කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
கோவிட் தடுப்புக்கான தேசிய செயல்பாட்டு மையம் - 19 வெளியீடு
NATIONAL OPERATIONS CENTRE FOR PREVENTION OF COVID - 19
සිනෝ ලංකා ටවර්, අංක 1090, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය
නිවේදන අංක 143 :2020
නිකුත් කරන ලද වේලාව : 0530

අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු (02) හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් දෙදෙනා (02) විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වේ. (රතු මුහුදු ප්‍රදේශයේ සිට පැමිණි මුහුදු ආරක්‍ෂකයෙකු (01) නිපුණ බුස්ස ශ්‍රී ලංකා නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද අනෙක් පුද්ගලයා (01) ඇමරිකා එක්සත් රාජධානියේ සිට පැමිණ වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා නිරෝධායන මධ්‍ය‍ස්ථානයෙන් ද මෙලෙස වාර්තා වෙනවා.)

අද (20) දින උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියළු ආසාදිතයින් සංඛ්‍යාව 649 දෙනෙකු වේ.

අද (20) දින උදෑසන EK 648 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් පනස් එක්දෙනෙකු (51), QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් හැත්තෑ අට දෙනෙකු (78) සහ  UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් දෙදෙනෙකු (02) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

අද (20) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් හතලිස් හත් දෙනෙකු (47) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, නිපුණ බුස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් හය දෙනෙකු (06), හොටෙල් පැරඩයිස් නිරෝධායන මධ්‍යස්ථානය තුලින්  පුද්ගලයින් දෙදෙනෙකු (02), හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානය තුලින්  පුද්ගලයින් දහසය දෙනෙකු (16), හොටෙල් ජෙට්වින් සී නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සහ දියගම ක්‍රීඩා සංකීර්ණයේ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් එකොළොස් දෙනෙකු (11)  වශයෙන් වේ.
එසේම, අද (20) දිනය වනවිට පුද්ගලයින් 43,612 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (20) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 65 ක් තුළ පුද්ගලයින් 5,922 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (19) දිනය තුලදී PCR පරික්‍ෂණ 1773 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 266,057 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (20) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් දහ දෙනෙකු (10) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් දහ දෙනා (10) විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වෙනවා.

එසේම, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයින් 638 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට එම මධ්‍යස්ථානයට සම්බන්ධව ප්‍රතිකාර ලබන සම්පූර්ණ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 11 දෙනෙකු වේ.