කොව්ඩ් 19 හේතුවෙන් බිද වැටී ඇති ගුවන් සේවා ක්ෂේ ත්‍රය නැවත යථා තත්ත්වයට පත් වන තුරු එය පවත්වාගෙන යාම සදහා සේවක සහයෝගය අත්‍යවශ්‍යය බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සංචාරක ක්ෂේ ත්‍රය මෙන්ම ගුවන් සේවා ක්ෂේ ත්‍රයද කොව්ඩ් 19 වසංගතය හේතුවෙන් බරපතළ අර් බුදයකට පත්ව ඇති බවයි.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන් ඇති සේවා අභිමානී ප්‍රණාම උළලේ දී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ දි පසුගිය දා (18) මෙම උත්සවය පැවැත්විණි.
මෙහි දි වැඩි දුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.
“ ලෝකයේ ගුවන් තොටුපළ රැසක් අද පවත්වාගෙන යාමේ  අරබුදයකට මුහුූණ දී තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙම ක්ෂේ ත්‍රය සම්පූර් ණයෙන්ම  කඩා වැටීමයි. බොහෝ රටවල් මේ තත්ත්වයට මුහුණ දුන්නේ ගුවන් තොටුපළ සේවකයන් කප්පාදු කරමින් නැතිනම් ඔවුන්ගේ පඩි නඩි කප්පාදු කරමින්. නමුත් අපි එහෙම සේවක කප්පාදුවකට හෝ පඩි නඩි සේවක කප්පාදුවක් සිදු කලේ නෑ. තව කොපමණ කාලයකින් ලෝකයේ ගුවන් සේවා ක්ෂේ ත්‍රය යථා තත්ත්වයට පත් වේදැයි කිව නොහැකියි. මේ තත්ත්වය තුළ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම බරපතළ අර් බුදයකට ලක්වෙමින් තිබෙනවා. මේ වන විට එම සමාගම සතුව තිබෙන සම්පත් ක්‍රම ක්‍රම යෙන් අඩුවෙමින් තිබෙනවා. මේ නිසා මේ ආයතනය රැක ගැනීම සදහා සේවක සහයෝගය අත්‍යවශ්‍යයි. අධ්‍යක්ෂක මණ්ඩලය, සේවක සේවිකාවන් හා වෘත්තීය සමිති එක්ව මේ සදහා කිසියම් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.

ආණ්ඩුව කොවිඩ් 19 වසංගතය රටතුළ පැතිර යාම පාලනය කළත් සංචාරකයන්ට රට විවෘත කර රටේ ජනතාව අවධානමේ දමන්න සුදානම් නෑ. ඉතා ඉක්මණින් කටුනායක හා මත්තල ගුවන් තොටුපළ විවෘත කරන්න අපි සුදානම් වුණත් සෞඛ්‍ය අංශ නිර් දේශ ලැබෙනතුරු එය ක්‍රියාත්මක නොකරන්නේ ඒ නිසායි. මේ පිළිබද ව අපි කැබිනට් පත්‍රිකාවක් පවා යොමු කළා. අවශ්‍ය උපදෙස් ලැබුණු වහා ම අපි සංචාරකයන්ට රට විවෘත කරනවා.

වත්මන් රජය හැමවිටම සේවක ආරක්ෂිතතාවය, ආයතන පැවැත්ම වගේ දේවල් ගැන විශේෂ අවධානය යොමු කරනවා. කොවිඩ් 19 වසංගතය අපිට පාලනය කර ගත හැකි වුණේ ජනතාවගේ සහයෝගය නිසායි. මේ පවතින අර් බුදයත් අපිට ජය ගැත හැක්කේ සියලු දෙනා එක් ව කටයුතු කළහොත් පමණයි. ”
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජි.ඒ.චන්ද්‍රසිරි, උප සභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරු ද මෙහි දී කථා කළහ.