රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් හා විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා පෙන්වා (22) නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව ඊයේ (23) දිනයේ දී තවත් පෙත්සම් 05ක් ගොනු කෙරිණි. සමගි ජනබලවේගය වෙනුවෙන් එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනුකර ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරන ලදී.
මෙම පනත් කෙටුම්පතෙහි වගන්ති මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03, 04, 05, 06, 07, 08, 09, 10, 11, 12, 13, 14, 15, 17, 19, 20 (02), 23,24, 25, 26, 27,31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 47, 53, 54, 55 වගන්ති දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 හා 03 ව්‍යවස්ථාවන්ට පටහැණි බවද සමගි ජනබලවේගය ඇතුළු පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති පෙත්සමේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. ව්‍යවස්ථාවේ 35 (01) ව්‍යවස්ථාව සංශෝධනයට යෝජනා කිරීම තුළින් ජනතාවගේ ස්වාධිපත්‍යයට හා මහජන විශ්වාසය යන සිද්ධාන්තවලට අහිතකර බලපෑම් ඇති කරන බවත්, එහි 35 ව්‍යවස්ථාව ඉවත් කිරීමට කර ඇති යෝජනාවෙන් ජනාධිපතිවරයාගේ රාජකාරී කටයුතුවලදී ඔහුගෙන් සිදුවන අතපසු වීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාවද අහිමි වන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.
එබැවින් මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැණි බව ප්‍රකාශ කරන්නැයි මෙම විශේෂ පෙත්සම මඟින් ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ, ඒ අනුව 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සහ විශේෂ බහුතරයක මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා සිටිති.
- බුද්ධිමාල් රුබේරු -