කොරෝනා වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය කඩා වැටී තිබියදීත් මාසයකට රුපියල් කෝටි 20ක පමණ මුදලක් කප්පම්කරුවන්ට ගෙවීමට බස් හිමියන්ට සිදුවී ඇතැයි ලංකා පෞද්ගලික බස්
හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. දිවයින පුරා තිබෙන පෞද්ගලික බස්රථ 20,000කින් පමණ නිල සහ නොනිල ආකාරයට කප්පම්කරුවන් මෙලෙස කප්පම් මුදල් අයකරන බවද ඔහු කීවේය. බස්රථවල ආදායමෙන් සියයට 25ක පමණ ප්‍රමාණයක් මේ හේතුවෙන් බස් හිමියන්ට අහිමි වී යන බවද විජේරත්න මහතා කියා සිටියේය.
-නිමල කෝඩිත්තුවක්කු-