ඔලිම්පික් ගිනි සළුව සම්බන්ධයෙන් බොහෝ ඉදෙනෙක්ගේ දැඩි අවධානය යොමු වූයේ
පසුගිය මාර්තු මාසයේදි ග්‍රීසියේ සිට ජපානය වෙත ගෙන එනු ලැබූ ඔලිම්පික් ගිනි සිළුව මහජන ප්‍රදර්ශනයට යොමු නොකිරීම හේතුවෙනි.
එබැවින් මාර්තු මස සිට එය ජපාන ඔලිම්පික් කමිටුව භාරයේ තිබුණි. නමුත් සඳුදා දින සිට ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව නැවතත් මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට ජපානය කටයුතු කර තිබේ. ජපාන ඔලිම්පික් කමිටු බලධාරීන් විසින් සුළු උත්සවයක් පවත්වා මෙය නැවතත් ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණේ මාස පහකට පසුවයි.
මේ වන විට මෙම ගිනි සිළුව ජපාන ජාතික කෞතුකාගාරය තුළ මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබේ. කෙසේවෙතත් මෙම ගිනි සිළුව නැරඹීමට ඊයේ දිනයේ සිට ජනතාවට අවස්ථාව හිමිවිය.
Rishmi Ishara