ව්‍යාජ තොරතුරු ඇතුළත් කර අන්තරජාලය ඔස්සේ රුපියල් ලක්ෂ 20කට අධික වටිනා ඡායාපිටපත් කොළ (ෆොටෝකොපි කොළ) තොගයක් ඇනවුම් කර ඒවා වංචා කළ සැකකරුවකු ඊයේ (10) පනාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



සැකකරු 28 හැවිරිදි පුද්ගලයකු බවත් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ තොරතුරු හා ව්‍යජ බැංකු විස්තර ඉදිරිපත් කරමින් භාණ්ඩ ඇනවුම්කර ඔහු මේ ආකාරයේ වංචා රැසක් සිදුකර ඇති බවත් ඇනවුම් කර ඇති භාණ්ඩවලට සැකකරු කිසිඳු අවස්ථාවක මුදල් බැරකර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී සැකකරු අන්තර් ජාලය හරහා භාණ්ඩ ඇනවුම්කර ඇත්තේ ව්‍යාජ ලියකියවිලි භාවිත කර බවට හෙළිව ඇති බවත් පොලිසිය පවසයි.

මෙම සැකකරු කොළඹ 7 ප්‍රදේශයේ සමාගමකින් රුපියල් ලක්ෂ 20 ක ඡායා පිටපත් කොළ ඇනවුම් කර ඒවා කොටුව කාන් ඔරලෝසු කණුව අසලට ගෙන්වාගෙන මෙම වංචාව සිදුකර ඇති බව ද පොලිසිය කියයි.

සැකකරු මෙම භාණ්ඩ රැගෙන යාම සඳහා භාවිත කරන්නේ ද අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධවී සේවය ලබා ගන්නා ලොරි රථ මඟින් බවත්, සැකකරු අදාළ ස්ථානවලට නොයා ඇනවුම් කරන ලොරි රථ රියදුරන් හරහා මෙම වංචාව සිදුකර ඇති බව ද කියති. එම ලොරි රථ රියැදුරන් හරහා අදාළ සමාගමෙන් ඡායා පිටපත් කොළ ලබාගෙන සැකකරුට අවශ්‍ය ස්ථානවලට එම කොළ බෙදා හැර මුදල් ලබා ගන්නා බව ද පොලිසිය කියයි.

සැකකරු අදාළ සමාගමෙන් කොළ බන්ඩල් 3500 ක පමණ ප්‍රමාණයක් වංචාකර ඇති බව ද පොලිසිය පවසයි. සැකකරුට ඡායාපිටපත් කොළ ලබාදුන් සමාගම ඒ සඳහා මුදල් ලබා ගැනීමට යාමේ දී සැකකරු ලබා දී ඇති තොරතුරු හා බැංකු විස්තර පරික්ෂා කිරිමේ දී ඒවා ව්‍යාජ ඒවා බවට හෙළි වීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මේ අකාරයෙන් අන්තර් ජාලය ඔස්සේ රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා ගණනින් නොයෙක් භාණ්ඩ ගෙන්වාගෙන සමාගම් රැසකට වංචාකර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. අත්තර්ජාල ඔස්