සපුගස්කන්දේ වඩු මඩුවකින් හමුවූ රුපියල් කෝටි විසිතුනකට වැයි වටිනා හෙරොයින් තොගයට අදාළ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කොළඹ අපරාධ විමර්ශන කොණ්ඨාසයේ
(C.C.D.) පොලිස් කොස්තාපල් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් විසින් එරට රාමේෂ්වරම් වෙරළ තීරයේදී පෙරේදා අත්අඩංගුවට ගනු ලැබිය. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාර පොලිස් කොස්තාපල් විදේශ කටයුතු අමාත්‍යංශයේ හා ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) සහායෙන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ඊයේ (6) පැවැසීය. මෙසේ අත්අඩංගුවට ගනු ලැබ සිටින්නේ ප්‍රදීප් කුමාර බණ්ඩාර නමැති පොලිස් කොස්තාපල්ය. මොහු මොනරාගල පදිංචිකරුවෙකි.
සිය බාල සොහොයුරාට අයත් සපුගස්කන්ද සමගි මාවතේ වඩු මඩුවක සඟවා තිබියදී ඉහත සඳහන් හෙරොයින් තොගය සොයා ගැනීමෙන් පසුව සැකකාර පොලිස් කොස්තාපල් හදිසි අසනීපයකට ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලට යන බව පවසා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව ගොස් මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවේ රාමේෂ්වරම් ප්‍රදේශයට මෙසේ පලාගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී තොරතුරු හෙළි වී තිබිණි. මොහු බෝට්ටුවක් එවා ඉන්දියාවට මෙසේ ගෙන්වා ගනු ලැබ ඇත්තේ එරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසිනැයි පොලිසිය පවසයි. රාමේෂ්වරම් වෙරළට පැමිණි කොස්තාපල් කිසියම් කණ්ඩායමක් තමන් රැගෙන යෑමට පැමිණෙන තෙක් එහි රැඳී සිට ඇත. ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරින්ට ඔහු කොටුවී ඇතැයි පැවැසෙන්නේ ඒ අවස්ථාවේදීය.
පොලිස් කොස්තාපල් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවහොත් එම මත්ද්‍රව්‍ය ජාලයේ සියලු තොරතුරු ඔහුගෙන් හෙළිවනු ඇතැයි සිතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔහු ඉන්දියාවට මෙසේ කැඳවා ගන්නට ඇතැයි විමර්ශන නිලධාරිහු පවසති. මේ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඇතැම් ඉන්දීය මාධ්‍ය පවා මේ වනවිට වාර්තා කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ වඩු මඩුවක සගවා තිබී මෙම හෙරොයින් කිලෝ විසිතුන මීගහවත්ත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබුවේ ඉකුත් 2 වැනිදාය.
සැකකාර පොලිස් කොස්තාපල්ගේ සහෝදරයකු විසින් එම වඩු මඩුව පවත්වාගෙන යනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයා ද පොලිසිය විසින් ඒ අවස්ථාවේදීම අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන අතර තම සහෝදරයා වූ පොලිස් කොස්තාපල් අවස්ථා ගණනාවකදීම වඩු මඩුවට පැමිණ හෙරොයින් පැකැට් තොග රැගෙන ගිය බව ඔහු එම ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි පොලිසිය පවසයි. තම සහෝදරයා හෙරොයින් රැගෙන ගොස් බාර දුන්නේ කාටදැයි තමා කිසිවක් නොදන්නා බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-