කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගාල්ල, වව්නියාව, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය,ගම්පහ ආදී දිස්ත්‍රික්කවල ජනතාව මෙම වැසි සහ සුළං හේතුවෙන් වැඩි පීඩාවකට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය. මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6කට අයත් පවුල් 1,642ක 7,031 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
මේ අතර අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට ද බාධා එල්ල වී තිබිණි. කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම-හොරණ 280 බස් මාර්ගගයේ ස්ථාන දෙකක් ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ බස් ධාවනය උදෑසන කාලයේ ඇනහිට තිබූ බව ද වාරිතා විය. හොරණ-කුළුපන ප්‍රදේශයේ ද පහත්බිම් රැසක් පිටාර ජලයෙන් යට වී ඇති අතර හෝකන්දර ප්‍රදේශයේ ද ස්ථාන කිහිපයක ගස් කඩා වැටීම් ද වාර්තා වී තිබිණි. ගම්පහ, මිනුවන්ගොඩ නගරය ද වැසි ජලයෙන් යටවී තිබූ අතර ඒ හේතුවෙන් නගරයේ කඩ සාප්පු රැසක් වසා දමා තිබූ බව ද වාර්තා විය. පීඩාවට පත්වූවන්ට සහන සැලැසීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා කරගෙන යන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
-ඩයනා උදයංගනී-