මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි හිටපු බස්නායක නිළමේවරයෙකුගේ පස් මහල් නිවසක් අද
(20දා) අලුයම 5.00 පමණ කඩා වැටීමට ලක්වීම හේතුවෙන් ඊට පහළින් නිවසක පදිංචිව සිටි අඹුසැමි
යුවළක් සහ ඔවුන්ගේ මාස දෙකක් වයසැති දරුවා මරණයට පත් ව තිබේ.
එසේ මියගොස් ඇත්තේ
චමිල ප්‍රසාද් (35) අචලා ඒකනායක (32) සහ ඔවුන්ගේ දෙමසක් වයසැති
දරුවායි. මියගොස් ඇති අචල ඒකනායක නැමැති අය නීතිඥවරියක් වන අතර ඇය විවෘත විශ්වවිද්‍යාලයේ
කථිකාචාර්යවරියෙකු වශයෙන් කටයුතු කරමින් සිට ඇත.
මියගොස් සිටින ඇයගේ සැමියා එම ස්ථානය හෝටලයක් පවත්වාගෙන යමින් එම ස්ථානය ම පදිංචිව සිටතිබේ.
සංඝමිත්තා මාවතට යාබදව පිහිටි පස් මහල් ගොඩනැගිල්ලේ ප්‍රවේශ දොරටුව හැර සම්පූර්ණ
ගොඩනැගිල්ලම කඩා වැටී තිබෙන අතර ගොඩනැගිල්ල කඩා වැටීමට යන බවට බවට දැන ගැනීමත් සමග
එහි හිමිකරු බිරිඳ හා දරු දෙදෙනා සමඟ අලුයම 3.00 ට පමණ ඉන් ඉවත්ව ගොස් තිබෙන බව පොලිසිය කියයි.
කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ඊට යාබද නිවෙස් දෙකකට කඩා වැටී ඇති අතර ඉන් එක් නිවසක සිටිති
දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය කියයි .
මියගිය අචලා ඒකනායක මහත්මියගේ මව වන ජයන්ති ඒකනායක (60) මහත්මියසිද්ධිය සම්බන්ධයෙන් මෙසේ
පැවසීය. "මම හෝටලයේ වැඩ කරන දුවක් එක්ක හෝටලයේ කාමරයක නිදාගෙන සිටියා. එහා කාමරය
පුතයි දුවයි දරුවයි නිදාගෙන සිටියා. උදේ පහට විතර පොළොව දෙදණ ලොකු ශබ්දයක් ආවා.
මොනවා වත් පෙනුනේ නැහැ කාමරයේ බිත්ති කඩාගෙන ඇඳ ළඟටම හේත්තු වෙලයි තිබුණේ. කළුවර නිසා
මොනවත් පෙනුනේ නැහැ. අතපත ගාන කොට ඇඳ ළඟ තිබුණ ෆෝන් එක අතට අහුවුණා.
ඒකෙන් මම 119 අංකයට ඇමතුමක් අරගෙන කිව්වා. ඊට ටික වෙලාවකට පස්සෙ පොලීසිය එතනට ආවා.
කට්ටියක් ලණුවකින් අපි හිටපු තැනට බැහැලා ලණුවක ගැටගහල අපිව උඩටගත්තා. පුතයි දුවයි දරුවයි හිටපු
කාමරය සම්පූර්ණයෙන්ම යට වෙලයි තිබුණේ"
කඩාවැටීමට ලක් වූ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු ඔහුගේ පවුලේ උදවිය සමග අවට කිසිවකු ට අනතුරු
ඇඟවීමක් නොකර පිටව ගොස් තිබෙන බව පොලිසිය ප්‍රකාශ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන
පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
(ඡායාරූප හා සටහන ෂේන් සෙනෙවිරත්න)