හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි ඉන්දියන් ජාතික මුහුදු
ආරක්‍ෂකයන් සිවු දෙනෙකුට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර්. පක්‍ෂණවලදී තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පැවසීය. අනතුරුව ඔවුන් සිවුදෙනා කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත පිටත් කර යැවීමට කටයුතු කළ බවද ඒ මහතා පවසා සිටියේය.
යුද හමුදා ආරක්ෂාව යටතේ හෝටලය තුළ මෙකී නිරෝධායන මධ්‍යස්ථානය පවත්වාගෙන යන අතර, පසුගිය 30 වැනිදා ඉන්දියන් ජාතික මුහුදු ආරක්‍ෂකයන් 40 දෙනෙකු හා පිලිපීන ජාතික මුහුදු ආරක්‍ෂකයන් දෙදෙනෙකු මෙම නිරෝධායන මධ්‍යස්ථානයට පැමිණ ඇති බවද හෙතෙම පවසා සිටියේය. පසුගිය 30 වැනිදා කොළඹ නගරයේ පෞද්ගලික රෝහලක කළ පී.සී.ආර්. පක්‍ෂණවලදී මුහුදු ආරක්‍ෂකයන් දෙදෙනෙකුට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයිද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පැවසීය. මේ අතර දෙවැනි වර කළ පී.සී.ආර්. පක්‍ෂණයේදී තවත් එක් මුහුදු ආරක්‍ෂකයෙකුට කෝවිඩි-19 වෛරසය ආසාදනය වී ඇති බවට පෙරේදා (30දා) තහවුරු වූ බවත්, ඒ සමග අදාළ මුහුදු ආරක්‍ෂකයන් තිදෙනා පෙරේදා දින කොළඹ අයි. ඩී.එච්. රෝහල වෙත පිටත්කර යැවීමට කටයුතු කළ බවත් හෙතෙම සඳහන් කර සිටියේය. දෙවැනි වතාවට පී.සී. ආර්. පක්‍ෂණයට ලක් කළ තවත් ඉන්දියානු ජාතික මුහුදු ආරක්‍ෂකයෙකුට කෝවිඩ්-19 වෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහු ඊයේ (01දා) කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත පිටත් කොට යැවීමට කටයුතු කළ බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් පැවසීය.