දුෂ්කර ගම්මාන වලට ප්‍රවේශවීමට තිබෙන වැල්පලම් හා ඒදඬු පාලම් වෙනුවට කුඩා පාලම් 4000ක් ඉදිකිරීමට
සැලසුම්කර ඇතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවැසීය. දුෂ්කර පළාත්වල ජනතාවගේ ආර්ථිකය නගාසිටුවමින් දෛනික කටයුතු පහසු කිරීමේ අරමුණින් යුතුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව ද ඔහු කීවේය. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඉකුත් 31 වැනිදා පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
-නාලක සංජීව-