වසා දැමු බව එම තානාපති කාර්යාලය නිවේදනය කරයි. එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන රියැදුරුට, භාෂා පරිවර්තකට හා තවත් සේවකයකුටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර, තානාපති කාර්යාලයට යාබදව පිහිටි සුරක්ෂි නිවස්නයේ සිටින මෙරට කතුන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට කුවෙට් සෞඛ්‍ය බලධාරින් තහවුරු කර ඇතැයි එම තානාපති කාර්යාලය කියයි.
කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයන් තිදෙනකුට සහ සුරක්ෂා නිවාසයේ හතළිස් හතර දෙනකුට එම වයිරසය අසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය ඔක්තෝබර් මස 11 වන දින දක්වා වසා තැබෙනු ඇත. මෙම කාලය තුළ හදිසි සේවාවන් සඳහා slemb.kuwait@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැකි බවද කුට්ටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.
තානාපති කාර්යාල සේවකයන් තිදෙනා වෛද්‍ය බලධාරීන්ගේ උපදෙස් මත නිරෝධායනයට යොමු කර ඇති අතර අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන්ට එම වයිරසය වැළඳී ඇතිදැයි යන්න තහවුරු කර ගැනීමට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කරමින් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සේවය කළ අයකුට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමග එම කාර්යාලයද සති දෙකක කාලයකට තවකාලිකව වසා දමා තිබූ අතර එය ඊයේ (27) සිට යළිත් මහජනතාවට විවෘත කෙරිණි. කටාර් හි දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම තානාපති කාර්යාලයද ඉකුත් සතියේ දී තාවකාලිකව වසා දැමූ අතර එය ලබන ඔක්තෝබර් 05 වැනිදා යළි මහජනතාවට විවෘත කෙරේ.
-තිළිණ ද සිල්වා-