බදාදා දිනයන් අමාත්‍යාංශ රැස්වීම් සඳහා යොදා නොගන්නා ලෙසට චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග කර තිබේ. මහජන දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බදාදා දින අමාත්‍යාංශවල රැස්වීම් පැවැත්වීම හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල සිට අමාත්‍යාංශ වෙත පැමිණෙන ජනතාව මහත් අපහසුතාවට පත්වන බැවින් එය වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා මෙම නියෝගය සිදු කර ඇත.
අමාත්‍යාංශ රැස්වීම්වලට සහභාගි වීමට සිදුවීම හේතුවෙන් මහජන අවශ්‍යතා සඳහා කාලය වැය කිරීමට සිදු නොවන බවට පෙරේදා (02දා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන් විසින් ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ. ඒ අනුව එදින රැස්වීම් නොපැවැත්වීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග කරන ලෙසත්, එසේම සියලු නිලධාරීන් එදිනට අමාත්‍යාංශවල රැඳී සිටිය යුතු බවත් ජනාධිපතිවරයා විසින් අමාත්‍යවරුන්ට දන්වා තිබේ.
- නිදර්ශනී වික්‍රමසිංහ -