ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් පස් දෙනකු ගමන්ගත් මෝටර් රථයක් ඊයේ (2) අලුයම 2.50 පමණ බදුල්ල-මහියංගණය මාර්ගයේ දුන්හිඳ හන්දියට නුදුරු සොරණාතොට ප්‍රාදේශීය සභාව
ආසන්නයේදී ප්‍රපාතකට පෙරළි පස්දෙනාම තුවාල ලබා ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. තුවාල ලැබූවන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූ කථිකාචාර්යවරු පස්පදෙනා අතුරින් සිවු දෙනකු කාන්තාවන් බවත් එක් කාන්තාවක් ගැබිණියක බවත් පොලීසිය  සඳහන් කළේය.  රථය පැදවූ කථිකාචාර්යවරයාට නින්දයාමෙන් මෙම අනතුර සිඳුවක්නට ඇතැයි පොලිසිය සැකකරයි. මෙම කථිකාචාර්යවරුන් විශ්වවිද්‍යාලයට එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය කියයි.