ඉන්දීය නිළියක වන පූනම් පාණ්ඩේ සිය සැමියා වන සෑම් අහමඩ් බොම්බේට එරෙහිව දකුණු ගෝවේ
කැනකොනා පොලිසියට අඟහරුවාදා දින නඩුවක් ගොනුකරන ලදි. අඟහරුවාදා දිනයේදී එෆ්.අයි.ආර්. ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 323, 504, 354 සහ 506 (ii) වගන්ති යටතේ ගොනු කර ඇති ඇති මෙම නඩුවේ චූදිත සෑම් අහමඩ් නැමැත්තා  46 වැනි වියෙහි පසුවන බවත් ඔහු තමාට පහර දී දරුණු ආකාරයේ තර්ජනයන්ද සිදුකළ බවටත් පාණ්ඩේ චෝදනා එල්ලකර තිබේ. කෙසේවෙතත් එරට ප්‍රවෘත්ති ඒජන්සි මෙම පුවත වාර්තා කර ඇත්තේ පුද්ගලික ආරවුලක් ලෙසිනි.

මොවුන් දෙදෙනා මේ වසරේ සැප්තැම්බර් 10 වන දින විවාහ වී ඇති අතර පසුව දෙදෙනාම ගෝවා වෙත සංචාරයක් සඳහා නික්ම ගොස් ඇත. පූනම්ද සෑම් සමඟ සිදුවූ විවාහය පසුගිය දිනෙක සිය ඉන්ස්ටග්‍රෑම්හි නිල වශයෙන් නිවේදනය කරන ලදි.

පූනම් පාණ්ඩේ කාලයක් ප්‍රකට වූයේ තමන් නිරුවත්වන බවට ඔට්ටු ඇල්ලූ නිළියක ලෙසිනි.

රිෂ්මි ඉෂාරා