මට්ටක්කුලිය ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂිකාවක වූ අමිතා සුන්දරරාජ් (34) මෙනෙවිය හා ඇය ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථයේ රියදුරු ක්‍රිෂාන්ත සිල්වා (52) මිය ගියහ.
ඊයේ (02) උදෑසන 08.40 ට පමණ මෝදර සිට වත්තල දෙසට ධාවනය වෙමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි
ත්‍රීරෝද රථ දෙකක ගැටී එම අනතුර සිදුවිය.
මියගිය දෙන්නාම මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදෙනෙකි. මියගිය ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂිකා අමිතා සුන්දරරාජ් ආර්ථික විද්‍යා විෂය ක්ෂෙත්රයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම උපාධිය හා ඇමරිකාවේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ඇත. ඇය ලෝක බැංකුවේද තනතුරක් දරන්නියකි.
මට්ටක්කුලිය ප්‍රදේශයේ ප්‍රකට අමිතා ට්‍රේඩ් සෙන්ටර් හිමිකාර ජයලක්ෂ්මි සුන්දරරාජ් පවුලේ දියණියකි.
අවසන් කටයුතු අද (3) සිදු කෙරේ.
ලොරිය පළමු ත්‍රීරෝද රථයේ හැපී පසුව දෙවන ත්‍රීරෝද රථයේද හැපෙන අතර අනතුරින් අනෙක් ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසා ඇත.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මට්ටක්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
අනතුර සිදුවන අයුරු අසල තිබූ සීසීටීවි කැමරාවල සටහන්ව තිබුණි.