ඩා වැටුණ මහනුවර බූවැලිකඩ පස්මහල් නිවසේ හිමිකරු වන අනුර ලෙව්කේ ඊයේ සිද්ධිය විස්තර කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදී ඇතැයි අද (21)උදෑසන වාර්තාවිය.
නිවස කඩාවැටෙන්නට ආසන්න අවස්ථාවේ තම ආත්මාර්ථය පමණක් සලකා
නිවසේ සියලු අය හා සුරතලුන් සමග ඔහු පැනයාම ගැන සමාජ විවේචන පළව තිබෙන අතර අන් ජීවිත බේරාගන්නට තිබූ අවස්ථාව මගහැරිය බවට චෝදනාද ඔහුට එල්ලවී ඇත. නමුත් ඔහු මාධ්‍ය වෙත කියන්නේ තමා ඉක්මණින් පැනගත් බවත් අන් අය දැනුවත් කරන්නට තරම් වේලාවක් තිබුනේ නැති බවත්ය.

පිළිමතලාවේ දොඩම්වෙල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේ වරයෙකුද වන ඔහු මෙසේ කියා තිබේ.

'අපි ටී.වී. බලලා නිදාගන්න ගියා. එතකොට වෙලාව පාන්දර 1.00ට විතර ඇති. පාන්දර එකපාරට ලොකු සද්දයක් ආවා කොහෙන්ද කියලා හිතාගන්න බැරිවුණා. ඒ වෙද්දිම දකුණු අත පැත්තේ ගෙදර දෙන්නා ටෝච් ගහලා අපට කතා කරලා කිව්වා පහළ කොන්ක්‍රීට් කණු කැඩෙනවා වගේ කියලා. ඒත් එක්කම කාමරේ පොළොව ඇද වෙනවා වගේ දැනුණා. පුතා එතකොටම කෑ ගැහුවා අප්පච්චි එළියට එන්න කියලා. මම ෂර්ට් එක්ක හොයලා ඇඳ ගන්න ගමන් ගෙයින් එළියට පැන ගත්තා. පුතා ගෙයින් එළියට පැනලා බල්ලන්ගේ කූඩුවත් ඇරගෙන වාහනය පාරට දාලා තිබුණේ. මම දුවගෙන යද්දී නෝනයි දුවයි පුතයි පාරේ. අපි බලාගෙන ඉද්දිම ගේ සම්පූර්ණයෙන්ම පහළට ඇදගෙන ගියා. කාටවත් කියන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ.'