අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි තම පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බවට පසුගිය දිනෙක ඉඟියක් ලබා දුනි. මේත් සමඟම අයිපීඑල් කණ්ඩායමේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (ආර්සීබී) සාමාජිකයින්
විසින් මෙම යුවළ වෙනුවෙන් මෙම ගැබ් ගැනීම සැමරීම සඳහා පුදුම කිරීමේ සාදයක් සූදානම් කර තිබුණි.


මෙම සාදය අතරතුර අනුෂ්කා සහ කෝලි ඉතා සතුටින් සිටිනා ඡායාරූප පෙළක්ද ඔවුන් දෙපළ විසින් සමාජ මාධ්‍යයට මුදා හැර තිබුණි. එහි අනුෂ්කා සහ විරාත් කේක් කපමින් මෙම ප්‍රීතිජනක අවස්ථාව සමරන අයුරුද දක්නට ලැබුණි.

කෙසේ වුවද ලබන ජනවාරියේදී දෙමව්පියන් වීමට සූදානමින් සිටින මෙම යුවළට කලා ලෝකයේ මෙන්ම ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක්ද සුභපතා තිබුණි.

ෂැම්පූ වෙළඳ දැන්වීමක රූගත කිරීම් අතරතුරදී ප්‍රථම වරට මුණගැසුණු අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි 2017 දෙසැම්බර් මාසයේදී  විවාහ වූයේ වසර ගණනාවක් පැවැති ප්‍රේම සම්බන්ධතාවයකින් පසුවයි. දැන් මෙම යුවළ දෙමව්පියන් වීමට ඉතා නොයිවසිල්ලෙන් සිටින බවට විවිධ පුවත් පලවෙමින් ඇත.
Rishmi Ishara