කරීනා කපූර් ඛාන් සහ සයිෆ් අලි ඛාන් තම දෙවන දරුවා අපේක්ෂා කරන බව පසුගිය මාසයේ නිවේදනය කරනු ලැබීය. එමෙන්ම ඉන් වැඩි කල් යන්නට මත්තෙන් ඉන්දියාවේ තවත් ජනප්‍රිය යුවළක් වන අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලිද ඔවුන් දෙමාපියන් බවට පත්වීමට සූදානම් බව
සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණි.
කෙසේ වෙතත් ඇය මෙහි තම දරුවා ගැන සිතමින් ආදරණීය ලෙස ගැබ ස්පර්ශකරමින් සිටින අයුරු දක්නට ලැබේ. එමෙන්ම මෙම ඡායාරූපයේ අනුෂ්කා හට සිත් ඇදගන්නා සුළු පෙනුමක් ඇති අතර, ඇය විසින් එහි ශීර්ෂ පාඨයේ සැබවින්ම නිහතමානීව ජීවිතයක් මැවීමේ අත්දැකීම කෙබඳු ද යන්න විමසා ඇත. එමෙන්ම ඔබ තුළින් ජීවයක් ලබා දෙන මෙම අත්දැකීම විඳීමේදී එය ඔබගේ පාලනයෙන් තොරනම් ඇත්තටම මෙය කුමක්ද? යනුවෙන්ද ඇය එහි ප්‍රශ්න කර තිබුණි.
කෙසේවෙතත් බොලිවුඩ් නිළි කරීනා කපූර් ඛාන් අනුෂ්කාගේ මෙම පෝසට් එකට සහයෝගය දක්වමින් ඉතා ආදරණීය අදහස් දැක්වීමක් එහි බෙදාහදාගෙන තිබුණි. එහිදී ඔබ තුළින් ජීවයක් ලබා දීම තරම් නිහතමානී සත්‍ය අත්දැකීමක් තවත් නැත යනුවෙන් කරීනා සඳහන් කර ඇත. අනුෂ්කා විසින් ඇත්තටම මෙය කුමක්ද? යනුවෙන් නැගූ පැනයට කරීනා ප්‍රතිචාර දක්වා තිබුණේ එය සියලු දෙනාගේම එඩිතර ඉවසීමයි යනුවෙනි. එක් මවක විසින් තවත් මවකට මෙසේ සහයෝගය හා ආදරය දැක්වීම සැබවින්ම විශේෂ සිදුවීමකි.
රිෂ්මි ඉෂාරා