මිෂෙල් සහ බැරක් ඔබාමා සෑම විටම පරිපූර්ණ යුවළක් ලෙස සලකනු ලබන අතර, ඔවුන් දෙදෙනාගේ මෙම ආදරණීය බැඳීම පිළිබඳව බොහෝ දෙනෙක් කතාබහ කරයි. නමුත් ඔවුන්ගේ විවාහය අනෙක් බොහෝ අය
මෙන් රෝස මල් යහනාවක් නොවූ බව හිටපු ජනාධිපති ආර්යාව සඳහන් කරයි. එමෙන්ම තම විවාහ දිවියේදී ඇයට මුහුණ දීමට සිදුවූ දැවැන්ත අභියෝගයන් පිළිබඳව මෙන්ම මෙම යුවළගේ ආදර චාරිකාව පිළිබඳව ඇය මෙසේ සඳහන් කර ඇත්තේ ඇමරිකානු රූපවාහිනී නාලිකාවක සංවාදයක් සඳහා සහභාගී වූ අවස්ථාවකදීය.
බැරක් සහ තමන් විශාල ගැටළු ගණනාවකටම මුහුණ දුන් නමුත් ඒවා සියල්ලටම ඉතා ඉවසිලිවන්තව මුහුණ දීමට ඔවුන්ට හැකි වූ බැවින් එම ප්‍රශ්න විසඳා ගනිමින් සාර්ථක ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට හැකි වූ බව මිෂෙල් ඔබාමා සඳහන් කරයි. එමෙන්ම ඕනෑම පුද්ගලයෙකුට එවන් කාල පරිච්ඡේදයන් දිගු කාලයක් පැවතිය හැකි නමුත් ඒවාට සාර්ථකව මුහුණ දෙමින් ඉවසිලිවන්තව කටයුතු කළ යුතු බවත් ඇය එහිදී පවසා ඇත.
තරුණ යුවල් වලට අභියෝගයන්ට මුහුණ දීමට සිදු වූ විට ඉතා ඉක්මණින් ඔවුන් විවිහ ජීවිතය අත්හැරීමට සූදානමින් සිටින බව අපට දක්නට ලැබෙන බවත් එනමුත් ඇය සහ බැරක් එසේ සිතුවානම් මෙම විවාහය අවසන් වී බොහෝ කාලයක් වනු ඇති බවත් ඇය පවසා ඇත. ඔවුන් දැන් මෙවන් ශක්තිමත් විවාහ ජීවිතයක් ගත කරන්නේ සෑම ප්‍රශ්නයකටම සාර්ථකව මුහුණ දුන් නිසා බව පවසන ඇය එම දුෂ්කර කාලවලදී තමන් එයින් ඉවත් වී සිටියා නම්, එහි තිබූ සුන්දර අත්දැකීම් තමන්ට මග හැරෙනු ඇතැයිද පවසා තිබුණි. එබැවින් ඕනෑම ගැටළුවකදී ඊට සාර්ථක ලෙස මුහුණ දීමෙන් සෑම දෙනාටම ඕනෑම ගැටළුවක් විසඳාගෙන සාර්ථක විවිහ දිවියක් ගෙවිය හැකි බවද ඇය විසින් වැඩිදුරටත් පවසා ඇත.
Rishmi Ishara