ලොව ජනප්‍රිය මෙන්ම දුර්ලභ ගණයේ ඉංග්‍රීසි පොත් මිලියන ගණනක් ඇතුළත්ව වසරක් පාසා පැවැත්වෙන බිග්බෑඩ් වුල්ෆ් ජාත්‍යන්තර පොත් දැක්ම 4 වැනි වතාවට මෙවර ද පැවැත්වේ . ඔක්තෝබර් 1 සිට 4 දක්වා මෙය පවත්වන්නේ අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ ක්‍රමයටය. සියයට 50 සිට 90
දක්වා වට්ටම් පවතින බවත් අවශ්‍යනම් බැංකු හරහා කොටස් වශයෙන් ගෙවීමේ පදනම සක්‍රීය කරගත හැකි බවත් වාර්තා කර තිබේ.
රුපියල් 8000 ට වැඩියෙන් පොත් මිලට ගන්නේ නම් ප්‍රවාහන ගාස්තු අය නොකරන බවද දන්වා ඇත.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මෙවර මෙම ප්‍රදර්ශනය අන්තර්ජාල අවකාශය භාවිත කරමින් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනයක් ලෙසින් පැවැත්වෙන බව සංවිධායකයෝ දන්වා සිටිති.

මේ පිළිබඳ වැඩිදුර විස්තර  http://www.bigbadwolfbooks.lk වෙබ් අඩවිය, හෝ https://facebook.com/ Bbwbookssrilanka ෆේස්බුක් පිටුව මෙන්ම https://www.instagram.com/ bigbaduvolfbooks.lk. ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙන්ද ලබාගත හැකි බව සංවිධායකයෝ වැඩිදුරටත් සඳහන් කරති.