අන්තර්ජාලය ඔස්සේ ඉතා සූක්ෂම ලෙස මෙරටට ආවේණික පක්ෂීන් අලෙවි කිරිමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පෙරේදා (16දා) මාතලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. එම ප්රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු සන්තකයේ සිටි සැළලිහිණියෙක්, අළු ගිරවුන් 06ක්, සැළලිහිණි පැටවුන් 03ක්, අළු ගිරවු පැටවුන් 04ක්, ලබු ගිරවුන් 04ක් ද වනජීවී භාරයට ගෙන තිබේ.
පරිසර ක්රියාකාරීන් දෙදෙනෙකු විසින් ලබා දුන් තොරතුරක් අනුව වනජීවී හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී සැකකරු හා අදාළ පක්ෂීන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරු මාතලේ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. වනජීවී හදිසි වැටලීම් ඒකකයේ වන සත්ව අඩවි ආරක්ෂක ඩී.එස්. සුමනරත්ත, වන සත්ව නියාමක නිලධාරී හෂාන් රන්දික, තරංග ධම්මික, එරන්ද බණ්ඩාර ඇතුළු පිරිසක් මෙම වැටලීමට එක්ව තිබිණි.
- රුවන් ධනංජය -