තත්වයක නැතැයි කාර්යාංශයේ වෘත්තිය සමිති සඳහන් කරයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මූල්‍ය අර්බුදය කළමනාකරණය කිරීම මැයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉකුත් අගෝස්තු 18 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර එමඟින් යෝජනා කර තිබුණේ භාණ්ඩාගාරයෙන් නැවත ගෙවන පදනම යටතේ යම් මුදලක් ලබා දෙන ලෙසය. කාර්යාංශය සතුව 2019 වසරේ අවසන් ගිණුම් ප්‍රකාශය අනුව ආයෝජන වටිනාකම හා ඊට අදාළ පොලී ආදායම වශයෙන් රුපියල් බිලියන 13 ක් ඇති අතර එහි පොලී ආදායම පමණක් වාර්ෂිකව අනූ හතර කෝටි හතළිස් හය ලක්ෂයකට ආසන්න මුදලක් ලැබෙන බවත් එහි ගිණුම් වාර්තා පෙන්වා දෙයි.
කොවිඩ් නිසා අඩපණ වී ගියත් කාර්යාංශය මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ රුපියල් කෝටි 70 කට ආසන්න මුදලක් උපයා ඇති අතර එයින් විසි එක් කෝටියක් උපයා ඇත්තේ විදේශ තානාපති කාර්යාලවල පවත්වාගෙන යන කාර්යාංශයේ අංශ මගිනි. අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම අංශ වසාදැමීමට පවා යෝජනා කර තිබේ. කාර්යාංශය 2019 වසරේ භාණ්ඩාගාරයට රුපියල් බිලියන 2.6 ක් ගෙවා ඇති අතර මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ද රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් භාණ්ඩාගාරයට ගෙන්වා තිබේ. මේවැනි පසුබිමක් පවතිද්දී කළ යුතුව ඇත්තේ වඩාත් උනන්දු වී කාර්යාංශයේ කටයුතු වර්ධනය කිරීම මිස සේවකයන් නිවාඩු යැවීමට උත්සාහ කිරීම හෝ වසා දැමීම නොවන බවත් විදේශ කාර්යාල ශක්තිමත් කරමින් විදේශගත ශ්‍රමිකයන්ගේ සුබසාධනය තහවුරු කළ යුතුව පවතිද්දී මෙසේ වසා දැමීමට කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් බව වෘත්තීය සමිති කියයි.
මේ සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍යයි ප්‍රකාශක සහ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි මංගල රන්දෙණිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ වසර තිහකට වැඩි කාලයක් රාජ්‍යයන් භාණ්ඩාගාරයට උපරිම ප්‍රතිපාදන ලබා දුන් ආයතනයක් බැවින් කොවිච් 19 කාලයේ දී මුහුණ දෙන අභියෝග හේතුවෙන් මෙසේ කාර්යාංශයේ වියදම් සඳහා මුදල් ඉල්ලා සිටි බවය. එය ණයක් ලෙස ලබාගෙන ආපසු ගෙවා දැමීමට ද ඉහළ කළමනාකරණය තීරණය කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.
-විනීතා .එම්.ගමගේ-