බූස්ස බන්ධනාගාරයේ උපවාසයේ නිරතව සිටින පාතාලයේ ප්‍රබලයන් තමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් බන්ධනාගාරයට එන විට පරීක්ෂා නොකරන ලෙසට ඉල්ලීමක් කරන බවත්, බූස්ස බන්ධනාගාරයට ඇතුළු වනවිට ආරක්ෂක ලේකම් වන තමන්වද පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබියදී
අපරාධ චෝදනාලත් අය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් බන්ධනාගාරයට පැමිණෙන විට පරික්ෂා නොකර සිටීමට කිසිඳු හේතුවක් නොමැති බවත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මහනුවර දී පැවසීය.
ඒ මහතා එසේ පවසා සිටියේ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට සිදු කරනු ලබන අඛණ්ඩ වැටලීම් මගින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තැබීමට බන්ධනාගාරවල ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා ඔවුන්ගෙන් කොටසක් දැනට වසා දමා තිබෙන බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පෙරේදා (12දා) පල්ලෙකැලේ හා බෝගම්බර බන්ධනාගාරවල නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍යයට කරුණු දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා, "අසාධාරණ ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙරට දරුණුතම අපරාධකරුවන් පිරිසක් බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයක නිරත වුවද තව දින දෙක තුනකින් ඔවුන්ට බඩගින්න දරාගැනීමට නොහැකිව ආහාර වර්ජනය අතහරීවි. මාරාන්තික උපවාසයක් සිදු කර මෙරට මියගිය එකම පුද්ගලයා තිලීපන් පමණයි. ඔහුද මරණයට පත්වූයේ අසනීප තත්වයක් තිබියදී උපවාසයට එක් වීම නිසයි.
මාරාන්තික උපවාස කරන සියලු දෙනා දින කිහිපයක් උපවාසයේ නිරතව සිට බඩගින්න දරාගත නොහැකි මට්ටමට එන විට මොකක් හෝ හේතුවක් ඉදිරියට දමා කවුරුන් හෝ ලවා වතුර නැත්නම් තැඹිලි පොවාගෙන උපවාසය අත්හැරීම සාමාන්‍ය දෙයක්. දැනට බූස්ස බන්ධනාගාරයේ උපවාසයේ නිරත පිරිසගෙන් කොටසක් මේ වනවිටත් උපවාසය අත්හැර තිබෙනවා. ඒ අනුව ඉතිරි පිරිසත් තව සුළු කාලසීමාවකදී උපවාසය අත්හරී කියා විශ්වාස කරනවා. උපවාස සිදුකර ඉල්ලන්නේ මොනවාද කියන එක ඉතා වැදගත්. අසාධාරණ ඉල්ලීම් ඉල්ලන්නේ නම් ඒවා ඉටු කිරීමට කිසිඳු හැකියාවක් නැහැ.
බූස්ස වැනි අධි ආරක්ෂිත සිර ගෙදරක පරික්ෂණ කටයුතු පිළිබඳ රැඳවියන්ට කතා කිරීමට කිසිඳු අවශ්‍යතාවක් නැහැ. තත්ත්වය තරාතිරම නොබලා වැරදි කරන අය අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නවා. පොලීසිය, හමුදාව හා බන්ධනාගාරය තුළ සිට වැරදි කරන නිලධාරින්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කිරීම මුලින්ම ආරම්භ කළේ පිට ඉන්න වැරදිකරුවන්ට කලින් ඇතුළ පිරිසිදු කර ගැනීමට අවශ්‍ය වූ නිසයි.
ඇතුළ පිරිසිදු කරගත් පසු ඉන්න නිලධාරින්ට ගෞරවාන්විතව රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය පසුබිම සැලසෙනවා. වැරදි කරනවා නම් ඔහු නිල ඇඳුමක් අඳිනවාද නැද්ද යන්න ප්‍රශ්නයක් නෙවෙයි. ඒ සියලු දෙනාට අත්වන්නේ එකම ඉරණමයි.
ගෞරවාන්විත රාජකාරියක් කරන බව පුරවැසියන්ට පෙන්වාගෙනෙ පොලීසියේ, බන්ධනාගාරයේ, හමුදාවේ අය හොරකම් කරනවා නම්, කුඩු විකුණන මුදලාලිලා ලෙස කටයුතු කරනවා නම්, ජාවාරම් කරනවා නම්, අපරාධ මෙහෙයවන්නන් ලෙස කටයුතු කරනවා නම් මුලින්ම ඊට තිත තැබීමට කටයුතු කළ යුතුයි. කුමක් හෝ වරදක් නිසා හිරේ විලංගුවේ වැටුණත් ඔවුන්ද අපේම රටේ මිනිසුන්, ඔවුන් බන්ධනාගාරවලට කොටු කිරීමට පමණක් සීමා නොවී නිසි පුනරුත්ථාපන වැඩපිළිවෙළක් ඔස්සේ සමාජය තුළ යහපත් පුරවැසියන් ලෙස ජීවත් විය හැකි මානසිකත්වයක් ඇති පිරිසක් බවට පත් කොට සමාජගත කිරීමට පියවර ගත යුතුයි.
බන්ධනාගාරවල දැනට පවතින ඉඩ ප්‍රමාණය වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ඇරඹිය යුතුයි. රැඳවියන්ට ප්‍රමාණවත් ඉඩක් බන්ධනාගාරවල නොමැති වූ විට ඔවුන් අපහසුතාවට පත් වෙනවා. එමනිසා ඉඩකඩ ප්‍රමාණවත් නොවන බන්ධනාගාරවල සිටින රැඳවුවන් තාවකාලිකව පැරණි බෝගම්බර බන්ධනාගාරයට යොමු කිරීමට අපේක්ෂා කරනවා” යනුවෙන් කියා සිටියේය.
මෙම අවස්ථාවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක (පාලන හා පුනරුත්ථාපන), බන්ධනාගාර කොමසාරිස් අයි.ටී. උඩුවර (මෙහෙයුම් හා බුද්ධි) යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වුහ.