බස් ප්රමුඛතා මංතීරුව තුළ යතුරුපැදි හා ත්රිරෝද රථ ගමන් කිරීමට අවස්ථාව ලබාදීම නිසා මංතීරු නීතිය ක්රියාත්මක කරන මාර්ග හතර තුළ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය හා ලංකා පෞද්ගලික ප්රවාහන සේවක සංගමය සඳහන් කරයි.
කොළඹ ප්රධාන මාර්ග හතරක ක්රියාත්මක වන බස් ප්රමුඛතා මංතීරු නීතිය යහපත් දෙයක් වුවද, එම මංතීරුව තුළ ත්රිරෝද රථ හා යතුරුපැදි ධාවනයට ඉඩ ලබාදීම නිසා බස් රථවලට දෛනිකව ගමන් වාර තුන හතරක් අහිමි වන බවද ලංකා පෞද්ගලික ප්රවාහන සේවක සංගමය සඳහන් කළේය.
පවතින තත්ත්වයට විසඳුමක් නොලැබුණහොත් ලබන 21වැනිදා සිට අදාළ මාර්ගවල බස් රථ ධාවනය කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවද එම සංගමයේ සභාපති කුමාරදාස කුලියාපිටිය මහතා සඳහන් කළේය.
පවතින තත්වය තුළ බස් රථ ධාවනය කිරීමට නොහැකි බවට බස්රථ රියදුරන් විසින් තම සංගමය දැනුවත් කර ඇතැයිද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මේ නිසා ලබන 21 වැනිදා සිට බස් රථවල සේවයෙන් ඉවත් වීමට සිදුවන බවට තම සංගමය දැනුම් දී තිබෙන බවත්, එවැනි තීරණයක් ගතහොත් එහි වගකීම බලධාරීන් විසින් භාරගත යුතු බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
බස් ප්රමුඛතා මාර්ගවල යතුරුපැදි හා ත්රිරෝද රථ ධාවනයට ඉඩ ලබා දී තිබෙන බවත්, මේ නිසා අදාළ මංතීරුව තුළ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
පවතින තත්ත්වය නිසා මංතීරු නීතිය ක්රියාත්මක කරන මාර්ග හතර තුළ ඊයේ (17දා) දිනයේදී බස්රථවල ගමන් කළ මගීන් දැඩි දුෂ්කරතාවට පත් වූ බවද හෙතෙම සඳහන් කළේය.
- එච්.අයි. තුෂාර -