මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පස්මහල් ගොඩනැඟිල්ල කඩා වැටුණු අවස්ථාවේ එහි හිමිකරුවන් අමානුෂික ලෙස පළායාම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ නිවසේ හිමිකරු අනුර ලෙව්කේ, ඔහුගේ පුත් තේෂාන් ලෙව්කේ හා ඔහුගේ බිරිය ගීතානි ලෙව්කේ මාධ්‍ය ඉදිරියේ පළකළ ඇතැම් කරුණු
පරස්පර බවට අදහස් පළවී ඇත.
ඔවුන් කියූ කරුණු මෙසේය.
නිවසේ හිමිකරු වූ දොඩම්වෙල නාථ දේවාලයේ හිටපු බස්නායක නිලමේ අනුර ලෙව්කේ
‘‘අපේ පවුලට කරන අභූත චෝදනා ගැන අපි කනගාටු වෙනවා. අපි මේ සිද්ධිය වුණාට පස්සේ පලා ගියේ නැහැ. ළඟම ගෙදරක තමයි එදා ඉඳන් නැවතිලා ඉන්නේ. මගේ දුව මේ පාර උසස් පෙළ විභාගය ලියනවා. එයා රෑ 1.30 විතර වෙනකල් පාඩම් කරනවා. එදා අපි හැමෝම දුව පාඩම් කරලා ඉවර වෙනකල් ටී.වී එකක් බැලුවා. ටීවී එකේ එදා ඩ්‍රීම් ස්ටාර් ෆයිනල් නිසා අපි ඒක ඉවර වෙනකං බැලුවා.
නිදාගෙන ඉද්දී එකපාරටම ජර ජර ගාලා සද්දයක් ආවා. මම හිතුවේ ගෙදරට හොරු ඇවිල්ලා කියලා. ලයිට් එක දාලා එළියට ගියාම අල්ලපු ගෙදර සමරසිංහ මහත්තයා අපේ ගේ පැත්තට ටෝච් එක ගහලා කිව්වා ඔයාගේ බිල්ඩිමේ කණු ඇද වෙනවා ඉක්මනට එළියට යන්න කියලා.
මං උඩ තට්ටුවේ පුතාව ඇහැරවලා මාත් පුතාත් දුවත් එක්ක හිටපු ඇඳුම් පිටින්ම එළියට ආවා. වාහනේ එළියට ගන්නවත් එක්කම තමයි ගේ පහළට ඇදිලා ගියේ.
මං කිසිවක් කරකියාගත නොහැකිව නුවර වැව පැත්තට ගියා. ඒ වෙනකොට පහළ නිවැසියන්ට දැනුම් දෙන්න වෙලාවක් තිබුනෙ නැහැ.
අපි බල්ලොත් අරන් කාටත් නොකියා ගියා කියලා කියන්නේ සම්පූර්ණ බොරුවක්. බල්ලෝ දෙන්නා දවල් 2.00 ට විතර බෝක්කුවක් යට රිංගල ඉද්දී හමුදාවේ අය හොයගෙන තියෙන්නේ. මේ ගොඩනැගිල්ල අපි හැදුවේ 2006 අනුමැතීන් සියල්ල ලබා ගෙනයි. ඒ වෙනකොට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අවසරය ගැනීමේ නීතිය තිබුනෙ නැහැ.ඉංජිනේරු සංස්ථාව අධීක්ෂණ කටයුතු සිදු කළා. පසුව සිදු කරපු ඉදිකිරීම් නවීකරණ වලට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අවසරය නිසි පරිදි ගත්තා.
ඔහුගේ පුත් තේෂාන් ලෙව්කේ
“මගේ කාමරය තියෙන්නේ පස් වැනි මහලේ. ඒ නිසා මම නිදාගන්නේ උඩම තට්ටුවේ. අම්මයි, තාත්තයි, නංගියි නිදා ගන්නේ පල්ලෙහා ඉඳන් තුන්වැනි තට්ටුවේ. රෑ නිදාගෙන ඉද්දී එකපාරටම ඇඳ හෙල්ලුණා, ගේ දෙදරනවා වගේ දැනිලා මට ඇහැරුණා. මම අම්මට කෝල් කරලා කිව්වා අමුතු ශබ්දයක් ආවා බලන්න කියලා.
බල්ලොත් අමුතු විදිහට බුරන්න ගත්තා. මගේ පණිවිඩෙට තමයි අම්මා මේ ගැන දැනගත්තේ.
තාත්තා, නංගිත් එක්ක උඩට දුවගෙන ආවා. අපි ආපහු පල්ලෙහට දිව්වා. ගෙදර ටයිල් ඉස්සෙන්න පටන් ගත්තා. මම වාහනයට නැඟලා ස්ටාර්ට් කළා.
ගෙදර කට්ටිය ඇවිත් වාහනයට නඟිද්දිම මම වාහනේ ගරාජ් එකෙන් පාරට ගත්තා. එතකොටත් පාරයි ගරාජ් එකයි
අතර අඟල් තුන හතරක පරතරයක් හැදිලා. මම වාහනේ පාරට අරන් මහනුවර පොලිසියට කෝල් කළා. මම
ලේක් ක්ලබ් එක පැත්තට යන කොටම අපි බලා සිටියදී ගේ කඩාගෙන වැටුණා.
සිද්ධිය වූ වෙලාවේ මම ඇහැරලා අම්මට කෝල් කරලා වාහනේ එළියට අරන් පොලිසියට කෝල් කරන අතර කාලය විනාඩි හතක් විතර යන්න ඇති. අපි පොලිසියට කෝල් කරන්නේ නැතුව පලාගියා කියලා සමහරු බොරු චෝදනා කරනවා. අපි කලින් දැනගෙන පහළ අයට දැනුම් නොදී ගියා කියන එක හරිම වැරදියි. අපි මේ ගේ හදලා තියෙන්නේ ඒටු ඉසෙඩ් ඇප්රූවල් අරගෙනයි. ඒවා ඕනෑම කෙනකුට හොයලා බලන්න පුළුවන්.“
ගීතානි ලෙව්කේ මහත්මිය මෙසේ පැවසුවාය.
“අපි මේ ගේ හැදුවේ 2006දී විතර. අවශ්‍ය සියලුම අනුමැතීන් ගත්තා. ඒ ලියකියවිලි ඔක්කොම මම ෆයිල් කරලා පිළිවෙළට හදලා තිබුණේ. ඒවා ඔක්කොම ගෙට යටවෙලා තියෙන්නේ. ඕනම කෙනකුට අදාළ ආයතනවලින් මේ ගැන සොයා බලන්න පුළුවන්. අපේ අසල්වැසි පවුලක තුන්දෙනෙක් මියගිය එක අපිට හරිම වේදනාවක්. අපි අයි.ඩී. එකක්වත් නැතුව එළියට බැස්සේ. සමහරු කියනවා අපි මේ සියලු දේ කල්තියා දැනගෙන අනිත් අයට නොදන්වා හොර රහසෙම ගියා කියලා. ඒක සම්පූර්ණ බොරුවක්.”