ගිනි ගැනිමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවකු ලෙස නම් කර මහේස්ත්‍රාත්  අධිකරණයක් හමුවට පමුණුවන්නැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට ඊයේ (16) උපදෙස්
දුන්නේය. 
නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ නඩු කෘත්‍යයට අදාළව එම නෞකාවේ කපිතාන්වරයා වන ග්‍රීක ජාතික  ස්ටේරෝලියාස් සැකකරුවකු ලෙස නම් කර සාක්ෂි සම්පිණ්ඩනයක් ද සමග මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද කපිතාන්වරයා අධිකරණය හමුවට පැමිණවීමට නොතිසි ලබාගන්නැයි ද නීතිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවැසුවාය.

2008 අංක 35 දරන සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනතේ 25, 26, 38 සහ 53 යන වගන්ති යටතේ කපිතාන්වරයාට එරෙහිව කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට  සාධාරණ සැකයක් මතු වී ඇති බව  නීතිපතිවරයාගේ මතය බව ද නිශාරා ජයරත්න මෙනවිය කීවාය.

-රංජන් කස්තුරි-