පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (22) පත් කරනු ලැබීය.
නව වැනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (22) සවස පැවැත්වුණු අතර මෙම පත්වීම කර ඇත්තේ ඒ රැස්වීමේදීය.

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතා පත් කළ යුතු යැයි යෝජනා කරනු ලැබ ඇත්තේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසිනි. රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා එම යෝජනාව ස්ථිර කර ඇත.

කෝප් කමිටුව සඳහා නව සාමාජිකයෝ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව විසින් ඉකුත් සතියේදී පත්කරනු ලැබූහ. මේ අනුව නව කෝප් කමිටුවට සාමාජික මන්ත්‍රීවරු විසි දෙනෙක් ඇතුළත් වෙති.

මේ අතර රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සඳහා සහාපතිවරයකු තෝරා පත්කර ගැනීම අද (23) සිදු කිරිමට නියමිතය.

කෝප් කමිටුවේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීරණයේදී අද සවස පැවැත්වෙන අතර එහිදී එම පත්වීම කෙරෙනු ඇත.

- සුජිත් හේවාජුලිගේ -