චීනයේ චැන්ග්ෂාහි පිහිටි මාවාන්ග්ඩුයි නම් සොහොන් බිමෙහි ඉපැරණි සොහොනක තිබී හමුවූ ලියැවිල්ල එතෙක් මෙතෙක් ලොව ආරක්ෂා වී ඇති මිනිස් සිරුරේ ඉන්ද්‍රියන් පිළිබඳ විස්තර රැගත් පැරණිතම ලියැවිල්ල බව පර්යේෂකයන් සඳහන් කරයි.
1970 දශකයේදී මෙම සොහොන් බිමෙහි කැණීම් සිදු කළ විද්‍යාඥයන් පිරිසකට මෙම ලියවිල්ල හමුව තිබේ. මෙම සොහොන් බිම අදින් වසර 2,200ක් පමණ පැරණි බව විශ්වාස කෙරේ. මේ දක්වාම එම ලියැවිල්ල කුමක්ද යන්න පිළිබඳව නිවැරදිව වටහා ගන්නට විද්‍යාඥයන්ට හැකියාව ලැබී නොතිබුණි.
ඔවුන් මෙම ලියැවිල්ල 'මාවාන්ග්ඩුයි ලියමන’ලෙස නම් කර තිබේ. ඒ අනුව මෙය කියැවීම සඳහා පර්යේෂකයන් ගෙවුණු කාලසීමාවේදී ඉපැරණි දේශීය උපභාෂාවන් පිළිබඳව අධ්‍යයනය සිදුකර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ලියැවිල්ලේ ඇත්තේ මිනිස් ශරීරයේ ව්‍යුහාත්මක සැකැස්ම පිළිබඳව විස්තරයක් බවත්, එම එක් එක් කොටස් තුළ ඇති වන රෝගාබාධ විධි පිළිබඳව සටහනක්ද ඇතැයි මෙම පර්යේෂකයන් මඟින් හඳුනාගෙන ඇත.