රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව වෙනස්ම ආකාරයට මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දුන් අවස්ථාවක් දංකොටුවේදී ඊයේ වාර්තා විය.
පොල් කැඩීම සදහා නිපද වූ
උපකරණයක් හදුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙය සිදු කළේය.

වරකාපොළ ප්‍රදේශයේ පදිංචි උපුල් කුමාර මහතා එම උපකරණය නිෂ්පාදනය කර තිබු අතරසිරුරේ දෙපොළකට සවිකරන ගැජට්ටුව උපකාරයෙන් පහසුවෙන් ඉහළට ගමන් කිරීමට එහිදී හැකියාව ලැබුණි. පොල් මිල පහත දැමීමට කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රීයාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.