ස්ත්‍රී-පුරුෂ සමාජ අසමානතාව වර්ධනය වීමට COVID-19 වසංගතය හේතු වී ඇති බවත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ දශක ගණනාවක සීමිත හා වහා බිඳෙන සුළු ප්‍රගතිය ඒ හේතුවෙන් ආපසු හැරී ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා පවසයි.
අතථ්‍ය දේශනයකට සහභාගී වෙමින් එහි මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අනතුරු අඟවමින් කියා සිටියේ, සැලකිලිමත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත්, ලෝකයට වැඩි අලාභයකට මුහුණ දීමට සිදුවනු ඇති බවය.
එසේම වසංගතය ශාරීරික හා මානසික සෞඛ්‍යයට මෙන්ම, අධ්‍යාපනය සහ ශ්‍රම බළකායේ සහභාගීත්වයට බලපා ඇති බවද අවධාරණය කළ මහලේකම්වරයා, වසංගත සමයේ අඩු වයසේ ගැබ් ගැනීම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැඩි වූ බවද සඳහන් කළේය.