ඉන්දියාවට වඩා නව කොරෝනා ආසාදිතයන් සිටින්නේ එක්සත් ජනපදයේ පමණි. නමුත්, ඉන්දීය නායකයා, ට්‍රම්ප් තරම් වසංගතය හමුවේ විවේචනයට බඳුන් නොවන බව විදෙස් වාර්තා දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිලි වෙයි. වසංගතය හමුවේ ඉන්දියාවේ ආර්ථිකයට හානි වී ඇති අතර, රැකියා මිලියන ගණනින් අහිමි වී තිබේ. එසේම සෞඛ්‍ය පද්ධතිය දැඩි අරගලයක යෙදෙද්දී,
ආසාදිත මරණවලින් ලොව තෙවැනි තැන ඉන්දියාවට හිමිව ඇත. මේ සියලු කරුණු හමුවේ වුවද, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බ්‍රිතාන්‍ය සගයා වන බොරිස් ජොන්සන් මෙන්ම, බ්‍රසීල නායක ජෙයර් බොල්සොනාරෝ වැන්නවුන් වසංගතය හැසිරවීමේ පිළිවෙත ගැන දැඩි විවේචනයට බඳුන් වෙද්දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බොහෝ පුවත් සිරස්තල හා මත විමසුම්වලින් ගැලවී සිටීම ඇතමෙකුට පුදුමයකි.
මෝදි යනු ජනගහනයෙන් 80%ක් හින්දු භක්තිකයන් සිටින රටක හින්දු ජාතිකවාදී නායකයෙකි. ඔහු පසුගිය වසරේ විශාල ජනවරමකින් රටේ නායකයා බවට පත්විය. රටේ ජනතාව මෝදි දෙස බලන්නේ, ජාතික න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙනයෑම සඳහා අරගලයක යෙදෙන නායකයෙකු ලෙසය. ඉන්දියානුවන්ට අනුව ඔහු ඉන්දියාවේ අගමැතිවරයා පමණක් නොවේ. එරට, සමාජීය, සංස්කෘතික හා ආධ්‍යාත්මික නායකයාගේ කාර්යභාරයද ඉටු කරන, මහත්මා ගාන්ධිගේ අච්චුව තුළ සිටින ජාතික නායකයෙකි.
ඔහුගේ දෙවැනි ධුර කාලයේදී මෝදි බලාපොරොත්තු වූ ආර්ථික පුනර්ජිවනය සඳහා වසංගතයන් බලපෑමක් වූ බව සත්‍යයකි.
කෙසේවෙතත් නව කොරෝනා වසංගතය හමුවේ ලෝකයේ බොහෝ ප්‍රබල රාජ්‍යයන්හි නායකයන් ජනතාවගේ විවේචනයට බඳුන් වනවිට මෝදි තවමත් ජන හදවත් තුළ රැඳී සිටීමට ආසන්නතම හේතුව, ඔහු වසංගතය අවතක්සේරු නොකළ බැවිනි. ජනතාව බියවෙතැයි කියා තමා වසංගතයේ අනතුර කලින් නොකී බව ට්‍රම්ප් දැන් කියන අතර, බොල්සොනාරෝ එය සැලකුවේ පුංචි උණක් ලෙසිනි. නමුත් මෝදි වෛරසයේ බරපතළ බව මුල සිටම බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන වේගයෙන් ක්‍රියා කළේය.
මෝදි මාර්තු 24දා සමස්ත ඉන්දියාවම අගුලු දැමීමට නියෝග කරන විට, බිලියන 1.36ක් වෙසෙන රටේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 500කට තරමක් වැඩිය. මරණ 10ක් පමණි. ලොව දැවැත්තම අගුලු දැමීම ඉන්දියාවේ සිදුවූ ආකාරය සම්බන්ධයෙන් විවිධ මත පැවතියත්, භාරතීය ජනතා පක්ෂය පවසන්නේ එය වඩාත් ඵලදායී වූ බවය. එරට සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන්ට අනුව, එම තීරණය මගින් ආසන්න වශයෙන් 37,000 සිට 78,000 දක්වා මරණ වළක්වා ගැනීමට ඉන්දියාවට හැකි විය.
එසේම අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් මෙන් නොව මෝදි කලාතුරකින් පුවත්පත් සාකච්ඡා පවත්වයි. ජනමාධ්‍ය සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය සාමාන්‍යයෙන් ඔහුගේ රජයේ ඇමතිවරුන්ට පැවරෙන කාරියකි. ඒ වෙනුවට ඔහු සෘජුවම සජීවීව රූපවාහිනියෙන් හා ගුවන්විදුලියෙන් ජාතිය අමතමින් තම නායකත්වය අනුගමනය කරන ලෙස මහජනයාගේ හදවතට දැනෙන කතාවක් කරයි.
රට මුලින්ම අගුලු දමන විට මෝදි කියා සිටියේ, "මේ වසංගතය හමුවේ බලවත්ම ජාතීන් අසරණ වී ඇති අයුරු ඔබ දැක්කාද? කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට වෙනත් ක්‍රමයක් නැහැ. ආසාදන චක්‍රය අප බිඳ දැමිය යුතුයි.” යනුවෙනි.
"ඔබ මුහුණ දී ඇති ගැටලු ගැන මම හොඳින් දන්නවා. ඇතමෙකුට ආහාර නෑ. තවත් අයට තැනින් තැනට යන්න වෙලා. පිරිසක් නිවාස හා පවුල්වලින් ඈත් වෙලා."
අප්‍රේල් මාසයේ අගුලු දැමීම දීර්ඝ කරන මෝදිගේ කතාව මෙසේය. "කොහොම වුණත් ඔබ ඔබේ රට වෙනුවෙන්, ඔබ විනයගරුක සොල්දාදුවෙකු මෙන් ඔබේ යුතුකම් ඉටු කරනවා. අපේ ඉන්දියානු ජනතාවගේ බලය මෙයයි."
සෑම මසකම අවසාන ඉරිදා සංස්කෘතික කරුණු පිළිබඳව සාමාන්‍යයෙන් ස්පර්ශ වන 'මෑන් කි බාත්' හෙවත් 'අභ්‍යන්තර සිතුවිලි" නමින් ගුවන්විදුලි කතාවක් මෝදි පවත්වයි.
ඔහු මේ සෑම අවස්ථාවකම ජන හදවත් තුළට කිඳා බසින අතර, අගුලු දැමීමේදී ජීවනෝපාය අහිමි වූ සංක්‍රමණික කම්කරුවන් පවා වසංගතය හමුවේ මෝදිට දොස් පැවරීම ප්‍රතික්ෂේප කරන්නේ එබැවිනි.
"මගේ තත්ත්වය ගැන මම අගමැතිට දොස් කියන්නෙ නෑ. අපි දුක් විඳින්නේ මේ වෛරසය නිසයි. අපි මෝදිට ආදරෙයි. ඔහු මගේ ගමට බොහෝ දේ ලබා දුන්නා. ඔහු , අපට විදුලිය හා සිමෙන්ති නිවාස ලබා දුන්නා," වසංගතය නිසා රැකියා අහිමි වූ සංක්‍රමණික කම්කරුවෙකු මෝදි දකින්නේ එලෙසිනි. එබැවින් නායකයෙකු ලෙස මෝදිගෙන් උගත යුතු පාඩම් රැසක් බටහිර බලවතුන්ට මෙන්ම, තවත් රට රටවල නායකයන්ට ඇති බව පැහැදිලිය.
- නරේන් විශ්වජිත් -