ඔවුන් සඳහන් කර සිටියි. මෙම අධ්‍යයනය සඳහා ඉතාලියේ රෙපියෝ එමිලියා පළාතේ වාසය කරන PCR පරීක්ෂණ හරහා COVID-19 අසාදනය වූ බවට ඔප්පු වූ රෝගීන් 1,162 දෙනෙකු යොදා ගෙන තිබේ. ඒ අනුව මෙම සියලුම රෝගීන්ගේ පළමු පරීක්ෂක්ෂාවෙන් දින 15කට පසුව නැවත දෙවැනි පරීක්ෂාවකට ලක්කර ඇත. එම දෙවැනි පක්ෂාවෙන් දින 14කට පසුව තෙවැනි පරික්ෂාව සිදුකර ඇත. එම තෙවැනි පරීක්ෂාවෙන් දින 9කට පසුව ඊළඟ පරික්ෂාව සිදුකර තිබේ.
එවැනි තත්වයක් යනු මෙලෙස වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ අයෙකු සමාජය වෙත මුසු වී ඒ හරහා තවත් අයවලුන් වෙත මෙම නව කොරෝනාව ව්‍යාප්ත කිරීමේ අවස්ථාවක් උදාවීම බවද ඔවුන් පවසයි. "ඒ කියන්නේ පිට පිට සිදු කරන PCR පරික්ෂාවල් දෙකකින්ම ඔවුන් මේ වෛරසයෙන් නිදහස් බව ඔප්පු විය යුතුමයි. සමස්තයක් විදියට ගත්විට එවැනි තත්වයක් උදාවෙන්න නම් වෛරසය සුව වී දින 30ක් ගත වෙනවා. එහෙමත් නැත්නම් පළමු වරට රෝගියා තුළ නව කොරෝනා ලක්ෂණ ඇති වූ දිනයේ සිට දින 36ක කාලයක් බලා ඉන්න වෙනවා වෛරසයෙන් නිදහස් කියා බලාගන්න." පර්යේෂකයන් වැඩිදුරටත් පවසයි.
මේ අතර වෛරසය සම්පුර්ණයෙන්ම රෝගියාගේ සිරුරෙන් නිදහස් වන කාලය එම රෝගියාගේ වයස අනුව මෙන්ම දැනටමත් පවතින අනෙකුත් රෝග අනුවද තීරණය වන බව අධ්‍යයනය මගින් පෙන්වා දෙයි. විශේෂයෙන්ම වයස අවුරුදු 50ට වඩා අඩු පිරිස තුළ මෙය දින 35ක් පමණ වෙයි. එහෙත් වයස අවුරුදු 80ට වඩා වැඩි නම් එයට දින 38ක කාලයක් ගත වෙයි. එසේම රෝහල්ගත නොවන රෝගීන්ට එම කාලය දින 33ක් වන අතර රෝහල්ගතව සිටින රෝගීන්ට එය දින 38කි.
එහිදී බොහෝමයක් ගර්භණී කාන්තාවන් උණ හෝ මස්පිඩු වේදනා වැනි දෑ නොමැතිව රෝහල්ගත කෙරුණත්, ඔවුන් අතරින් බොහෝ දෙනෙකුම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමේ අවස්ථාවන් පැවතී ඇතැයි මෙම අධ්‍යයනය මගින් පෙන්වා දෙයි. එහිදී ඇතැම් විට මෙම COVID-19 ආසාදිත ගර්භණී කාන්තාවන් තුළින් නොමේරූ දරු උපත් ඉහළ යාමේ අවදානමක් පවතී. එහෙත් එම උපත් අනුපාතය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නොමැති බවත් පර්යේෂකයන් පවසයි.