මේ දිනවල ලෝකයේම අවධානයට යොමුවූ කොවිඩ්19 මැඩලීමේ එන්නත් නිර්මාණයේ සාර්ථක අවස්ථාවක් ලෙස ස්පුට්නික්-වී නමින් නම් කළ රුසියානු එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බව ලොව පිළිගත් වෛද්‍ය විද්‍යා ජර්නලයක් වන 'ද ලැන්සෙට්' නවතම වාර්තාවකින් පෙන්වා දෙයි.

රුසියාවේ  COVID-19 එන්නත ශක්තිමත් ප්‍රතිදේහ ප්‍රතිචාර නිෂ්පාදනය කරන්නක් වන බවත් අතුරු ආබාධ රහිත බවත් එහි දැක්වෙන පර්යේෂණ ප්‍රතිඵලයක දැක්වේ.
වෛද්‍ය සඟරාවට අනුව, කිසිදු බරපතල අතුරු ආබාධ තත්වයක් මෙය අත්හදාබැලූ කිසිවෙකුගෙන් පෙන්වා නැත.
නිරෝගී වැඩිහිටියන් 38 දෙනෙකු යොදා දින 42 ක අත්හදා බැලීම් දෙකක් සම්බන්ධව මෙම අධ්‍යයන වාර්තාව එළිදක්වා ඇත.
 'ද ලැන්සෙට්' වාර්තාවට අනුව, අත්හදා බැලීම් “සහභාගිවන්නන් අතර කිසිදු බරපතල අහිතකර ප්‍රතිඵල සොයාගෙන නැත” සහ “එන්නත අපේක්ෂා කළ ප්‍රතිදේහ ප්‍රතිචාර දක්වන බව සනාථ කර තිබේ.” මෙම අත්හදා බැලීම් දෙකෙන් පෙනී ගියේ සහභාගිවන්නන්ගෙන් සියයට සියයක්ම කොරෝනා වයිරසයට ප්‍රතිදේහ නිපදවන බවයි. කෙසේ වෙතත්, විභව එන්නත ආරක්ෂිත හෝ ඵලදායී ලෙස සලකා බැලීමට පෙර, 'ප්ලේසෙබෝ' සංසන්දනය ඇතුළුව විශාල හා දිගු පරීක්ෂණ අවශ්‍ය බව ජර්නලය දන්වා ඇත. “COVID-19 වැළැක්වීම සඳහා මහජනයාට නිකුත් කරන්නට නම් මේ ගැන තවත් ගැඹුරු පර්යේෂණ අවශ්‍ය බව එහි දක්වා ඇත.
1957 දී සෝවියට් සංගමය විසින් දියත් කරන ලද ලොව පළමු චන්ද්‍රිකාවට ගෞරවයක් වශයෙන් මෙම එන්නත ස්පුට්නික්-වී ලෙස නම් කර ඇත.

රොයිටර් / ඩැඩෝ රූවික්