සම්පූර්ණයෙන්ම දොරගුලු වැටුණු ගුවන් යානයක් තුළ සිදුකරන ගුවන් ගමන් අතරතුරදී නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් සම්බන්ධයෙන් පවතින සැකය තවදුරටත් ඔප්පු කරවමින් ගුවනේදී පැතිරෙන නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මේ වනවිට ලොව පුරා වැඩි අවධානයක් යොමුව තිබේ.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට වියට්නාමය දක්වා පසුගිය මාර්තු මාසයේදී පියාසර කළ ගුවන් යානයක සිටි නව කොරෝනා ආසාදිත මගියෙකු සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකට අනුව මේ කරුණු හෙළිව තිබේ.
මෙම රෝගියා හේතුවෙන් තවත් 15 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පැවසෙයි. පැය 10ක් පුරා පැවැතී ඇති මෙම ගුවන් ගමන්නේදී රෝගය ව්‍යාප්ත කළ තැනැත්තිය 27 හැවිරිදි කාන්තාවක බව හඳුනාගෙන ඇත. ඇය යානයට ගොඩවන අවස්ථාවේදී ද ඇයගේ උගුරේ යම් අපහසුතාවක් තිබූ බව ඇය පසුව පවසා තිබේ. කෙසේ වෙතත් ඇය මෙම ගමන අවසන් වනවිට එම ගුවන් යානයේ ව්‍යාපාරික පන්තියේ සිටි මගීන් 12 දෙනෙකුට, සාමාන්‍ය පන්තියේ සිටි දෙදෙනකුට සහ කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකුට මෙලෙස නව කොරෝනාව බෝ කර ඇත. මෙම යානයේ සිටි සම්පුර්ණ පිරිස 217ක් ලෙස ගණන් බලා ඇත.
"ඇය අසුන් ගෙන ඉඳලා තියෙන්නේ ව්‍යාපාරික පන්තියේ ආසනයකයි. ඇයට මේ පියාසැරිය අතරවාරයේ වරින්වර තමන්ගේ උගුරේ අපහසුතාව දැනී තිබෙනවා. දිනකට පසුව සිදුකළ පරික්ෂාවේදී ඇයට නව කොරෝනාව අසාදනය වී ඇති බව ස්ථිරවී තිබෙනවා." අධ්‍යයනය සිදුකළ කණ්ඩායම පවසයි.
ඒ අනුව මෙවැනි දිගු කාලයක් පුරා ක්‍රියාත්මක ගුවන් ගමන් අතරතුර සිටින එක් නව කොරෝනා රෝගියෙකු හේතුවෙන් තවත් සැලකිය යුතු පිරිසකට මෙම වෛරසය බෝවීමේ අවදානම තවමත් පවතින බව ඔවුන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම ව්‍යාපාරික පන්තිය වැනි එකිනෙකට වෙන්කොට ඇති ආසන පවතිද්දී පවා මෙම අවදානම එලෙසින්ම පවතින බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.