මාතර, පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (23) හෙළිවී තිබුණි. මෙම පුද්ගලයා ඇතුළු රුසියානු
ජාතිකයින් 15 දෙනෙකු පසුගිය අගෝස්තු මස 13 වැනිදා සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිණ මාතර ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන ඇති අතර එහිදී ඔවුන් සාමාන්‍ය සංචාරකයින් ලෙස ත්‍රිරෝද රථ යොදා ගනිමින් ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළද සංකීර්ණ ඇතුළු ස්ථාන රැසක සංචාරය කොට ඇති බවට තොරතුරු ලැබී තිබීම නිසා ඔවුන් ඇසුරු කළ අය සොයා පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ උනන්දු විය.
රෝගී පුද්ගලයා රෝහලේ සිටියදී අනෙක් පිරිස අද (24) දිනයේදී මෙරටින් පිටත්ව යාමට නියමිතව සිට ඇති අතර ඊට පෙර මාතර නගරයේ පුද්ගලික රෝහලකින් PCR පරීක්ෂණය සිදු කළ නමුත් අනෙක් පුද්ගලයින් 14 දෙනා හට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇත.
මෙම රුසියානු ජාතිකයින් කණ්ඩායමේ සිව් දෙනෙකු මාතර සුපිරි වෙළඳසැලකට ද ඊයේ ත්‍රීරෝද රථයකින් ගොස් ඇත.
එම පිරිස ආගිය ස්ථාන සහ ඔවුන් නිරාවරණය වූ පිරිස් සම්බන්ධයෙන් වූ සත්‍ය තොරතුරු මෙම ගුවන් යානා කාර්ය මණ්ඩලය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා නොදීම නිසා ව්‍යාකූල තත්වයක් දැන් මතුව ඇති බවද වාර්තා විය.
පසුගිය 13 වෙනිදා ඉන්දියාවේ බැංගලෝර් හි සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා පැමිණ ඇති රුසියානු ජාතික ගුවන් යානා කාර්ය මණ්ඩලයට අයත් 15 දෙනා පෞද්ගලික වාහන උපයෝගී කරගනිමින් මත්තල ගුවන් තොටුපොළේ සිට මාතර, පොල්හේන ප්‍රදේශයේ පිහිටි හෝටලයක් කරා ගමන් කිරීම හා යලි විදේශ ගතවීම සඳහා PCR පරීක්ෂණ සිදුකරද්දී 52 හැවිරිදි කණ්ඩායමේ පුද්ගලයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබීම නිසි පරිදි කරුණු අනාවරණයකින් තොරව පැවතීම ගැටලු කාරී වී ඇත.
මෙම පුද්ගලයින් රැඳී සිටි හෝටලයේ සේවකයින් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්, මෙම පිරිස භාවිතා කළ ත්‍රිරෝද රථවල රියදුරන් සහ ඔවුන්ගේ සමීපතමයින් 110 කට ආසන්න පිරිසක් මේ වන විට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් විසින් අනාවරණය කර ගෙන ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ ආදිය සිදුකොට නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය වෙත දන්වා ඇත.
මෙම පිරිසට අමතරව තවත් පුද්ගලයින්ට මෙම රුසියානු ජාතිකයින් නිරාවරණය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් වන තොරතුරු ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් සොයමින් පවතින බවත් මෙම විදේශිකයින් සත්‍ය කරුණු සැඟවීම නිසා සිය නිලධාරීන්ට ආශ්‍රිතයින් සොයා යෑමේදී දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම රුසියානු ගුවන් කාර්ය මණ්ඩලය මත්තල ගුවන් තොටුපොළෙන් පිටව ගිය ආකාරය සහ ඔවුන් සාමාන්‍ය සංචාරකයින් ලෙස හෝටලයක නවාතැන් ගැනීම හා ප්‍රදේශයේ පුරා සංචාරය කිරීම සම්බන්ධයෙන් රජයේ වගකිවයුතු බලධාරීන්ගේ අවධානයට යොමු කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.